2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටි බවත් ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් වන අතර 40,556ක් පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(ඩී.ජී.සුගතපාල, බී.එච්.රම්‍යා, රංජිත් රාජපක්ෂ, කේ බුද්ධික කුමාරසිරි, සුමිත් පොතුපිටිය, සෝමසිරි හිඟුරල ආරච්චි)

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැලියගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ කිරුලු පල්ලියගුරු සිසුවා

උසස් පෙළ විභාගයේ ජිව විද්‍යා අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විදුහලේ පහන්මා උපනි ලෙනෝරා සිසුවිය.
උසස් පෙළ විභාගයේ කලා අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ටසුන් රිද්මික විතානගේ සිසුවා.

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් ගිනිගත් හෙන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ සිසුවිය.
උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. චිරාත් නිරෝධ සිසුවා.

උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ටිව්ෂන් උන්නැහේලා තමන් "බිහි කරපු" දිවයිනේ ප්‍රථමයින්ගේ ලිස්ට් එක එළි දක්වන්ට පටන් ගනී.
දැන් ඉතින් ටිව්ෂන් උන්නැහේලා තමන් "බිහි කරපු" දිවයිනේ ප්‍රථමයින්ගේ ලිස්ට් එක එලි දක්වන්නට පටන් ගනී...
පාසල්වල හරියට විෂය නිර්දේෂය උගන්වනවා නම් ටියුෂන් කඩ මොකටද? ගුරු සේවය අද බිස්නස් එකක් වගේ...
දශක කීපයක් තිස්සේ ඔය විශිෂ්ඨයින් බිහිකරනවාද? අන්තිමට දරන්න බැරි ණය කන්දකට යටවෙලා රටම බංකොළොත්? මේ විශිෂ්ඨයින් තේරීමේ ක්‍රමයේ වැරැද්දක් ඇත...
ටියුෂන් ගුරාලගේ වැදි බණ අහලා, ප්‍රශ්න හා පිළිතුරු කටපාඩම් කරලා විභාගය සමත් උනා කියලා උගත්තු කියලා නම් හිතන්න එපා...ඒකට හේතුව තමයි වර්තමානයේ ලංකාවේ අධ්‍යාපනය, ලෝක අධ්‍යාපනය සමග සැසදීමේදී ප්‍රායෝගිකව යාවත්කාලීන නොවීම....විෂය දැනුම තිබුනත් නව උත්පාදන සඳහා ප්‍රයෝගික පුහුණු හා නිර්මානශීලීත්වය ලංකාවේ අධ්‍යාපනය තුල නැහැ... ආකල්ප අතින් නොමේරු අතීත කාමයෙන් පිරිපුන්, ඉතිහාසය තලුමරන සිසුන්ව ගුරුවරු ඔවුන්ගේ සංස්කෘතික රාමුව තුල සිසුන්ව හිරකර තැබීමට පෙලබීම මේ රටේ අභාග්‍යයක්...ලංකාවේ බහුතරයක් ටියුෂන් ගුරාලා කරන්නේ අලුත් චන්ද වෙනුවෙන් කරන දේශපාලන කැම්පේන් එකක්....කෙසේ හෝ විශ්ව විද්‍යාල වලට ඇතුළු වන සිසුනුත් ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කර ගැනීම වෙනුවට කරන්නේ එතන පවතින තුප්පහි දේශපාලනයයි...උගත් යයි කියාගත් පල් මෝඩ වැඩිහිටි රැලක් සිටින මේ රටේ අනාගතය, බුද්ධිමත් ඔබට බාරයි දරුවනේ!!
උසස්පෙල ලියපු උන් දන්නවා උසස් පෙල ගොඩ දාන්න පුලුවන් ටියුශන් වලින් විතරක් බව. කවදාවත් ඉස්කෝලෙ කරන ඒවයෙන් නම් උසස්පෙල ගොඩදාන්න අමාරුයි. එහෙම පුලුවන් සුපිරිම පැලැන්තියේ ජාතික පාසල් වලට විතරයි. පොඩි ඉස්කෝලෙක එකෙක් ගොඩ ගියානම් ටියුශන් තමයි. උසස් පෙල නොකර කුලියට කොමෙන්ට් දාන උන්ට නම් ටියුශන් අවුල් ඇති ඒත් පොඩි ඉස්කෝලෙකට ගිහින් උසස් පෙල ගොඩ දාපු අපිට උදව් කරපු ටියුශන් ගුරුවරුන්ටත්, ඉතාම අඩු පහසුකම් යටතේ, සොච්චම් පඩියට, වර්ජන නොකර පුලුවන් විදියට උගන්නපු අපේ ඉස්කෝලේ ගුරුවරුන්ටත් උපහාරයක්ම වේවා
මේ දරුවන්ට සුභ පැතුම්! අපි හොඳම උන් හදලා වෙන රටවල් වලට උන්ව නිකන් දෙනවා. අවුරුදු ගානක් නොමිලේ උගන්නලා උන්ගෙන් වැඩක් ගන්නෙ නැතුව, ඔහේ නාස්ති කරලා දානවා
සියලු දෙනාටම සුබපැතුම්..!
දුවේ පුතේ පාරවල්වල රස්තියාදු වෙන්නේ නැතිව ඉතුරු ටිකත් හොඳින් කරගෙන ඉක්මණින් රටටත්, තමන් හදපු දෙමව්පියන්ටත් හොඳ දරුවෝ වෙලා ඉක්මණින් කැම්පස් එකෙන් එළියට බහින්න.
මේ රට විනාශ කළේ සහ කරන්නේ ඔය ගත්තු කියන පිරිස. රටට යම් හොඳක් කලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ මිනිසුන්. ඔයට උදාහරණ ලෙස දක්වතොත්. පළවෙනි වර්ගයට බණ්ඩාරනායක, අන්.ඇම්. පෙරේරා, ගේ සිට සල්ලි අච්චූ ගහලා රට දියුණු කරන්න පුළුවන් කියා රට බංකොළොත් භාවයට රැගෙන ගිය මහාචාර්ය ලක්ෂ්මන් දක්වා පිරිස හැඳින්විය හැකිය. දෙවැනි වර්ගයට උදාහරන ලෙස ඩී. එස්. සේනානායක, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ යන, නිව්ටන් ගුණරත්න, ධර්මසිරි ගමගේ, ආදීන් හැඳින්විය හැකිය.
සුබ පැතුම්! ඒත් තවමත් නගරෙට කිරි ගමට කැකිරි වගේ කියමන් වෙනස් විය යුතුයි.