
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගංවතුරට හසුවූ පාදුක්ක වග ප්‍රදේශයේ අඹුසැමි යුවළක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට මැතිසබයේ ගෞරවය ප්‍රණාමය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාදුක්ක සිරි පියරතන විදුහලේ 17 හැවිරිදි මෙම දැරියගේ සියලුම දේ ගංවතුරෙන් අහිමි වී ඇති හෙයින් ඇයට ජනාධිපති අරමුදලෙන් යම් ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ඇය එකවර ජීවිත දෙකක් බේරගත්තා යැයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේ පැවසීය.
සිරි පියරතන විදුහලේ චරිත්මා සිසුවියගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කරලා තිබුණා. සිරි පියරතන විදුහල බස්නාහිර පළාතේ පාසලක්. මමත් ඒ සිසුවිය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව දැනුම් දෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මෙසේ පැවසීය.
පාදුක්ක මගේ ප්‍රදේශය. ඒ දියණිය විශාල වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ. පිරිමියෙක් වත් කරන්නැති වැඩක්. දියණියට ඇගැයීමක් කරන්න විදුහල්පතිතුමා දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය දියණී ඔබට අපගේ උත්තමාචාරය.
ලක් මෑණියන්ගේ දිරිය දියණිය කළාවූ මේ සත් ක්‍රියාවට හිස නමා ගරු කරන අතර නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා කියා එක සිතින් පතමි බුදු සරණයි..!
මෙවන් දිරිය දියණියන් වැඩි වැඩියෙන් ලක්මවට බිහිවේවා..!!!
ජීවිත දෙකක් නොවේ, ජීවිත හතරක් බේරා ගත්තා. වීර විහාර මහා දේවි පරපුරේ දියණියක්...!
රටට කවදා හරි වැඩක් කරන දිරිය දියණියක්.. කෝටි ගණන් ඉපදේවා නුඹ වැනි තව පුතුන්...
පාදුක්ක මගේ ප්‍රදේශය කියපු ජගත් මන්ත්‍රීවරයා කිසිම ලැජ්ජාවක් නැතුව එම දියණිය ඇගැයීමට විදුහල්පතිතුමා කටයුතු කරනවා කියන්නේ පාර්ලිමේන්තුවේ ඇගැයීමක් අවශ්‍ය නැහැ වගේ තමයි. පාසලේ ඇගැයීම් බොහෝ වටිනවා... වගේම පාර්ලිමේන්තුවේ ඇගැයීම සමස්ත ජනතාවගේ ඇගැයීමක් වෙනවා.. ඇත්තටම එම දියණියට පාර්ලිමේන්තුවේ ඇගැයීමක් කරනවා නම් ඉතාමත් වටිනවා.
දිරිය දියණිය ඔබට අපගේ උත්තමාචාරය. ආදරණීය දියණියට දීප්තිමත්ම අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
මම දැක්කා බල්ලෙක් මුලු පුලක්ම බේරගන්නවා බල්ලාට නම් කාගෙන්වත් ඇගයිමක් නැ.. පාර්ලිමේන්තුවේ මේ ගැනත් කතා කරන්න බැරිද
මේ වීර මානවිකාවට සහ ඇගේ ආදරණීය දෙමව්පියනට පාරිල්‍යෙයක පරපුරේ හස්තිරාජයෙකුට මෙන් ශක්තිය, ධෛර්යය,බලය, නැණ නුවණ සහ දීර්ඝායු සම්පත් වගා වැඩි දියුණු වේවා!!!
දියණිය ඔබට තෙරුවන් සරණිනේ පිහිටෙන් දීප්තිමත් අනාගතයක ට දෛර්ය ශක්තිය දීර්ඝායුෂ නොවඩුව ලැබේවා යි ප්‍රාර්ථනය කරමි