
(සුජිත් හේවාජුලිගේ)
සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ලබන මස අග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.
සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු ඇතැයිද පැවසේ.
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක්ද දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා දැඩිව ප්‍රකාශ කළහ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් පක්ෂයේ කාන්තා සහ තරුණ සමුළුද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින් ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ නම එම පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලයේ මන්ත්‍රීවරු විස්සක් ආණ්ඩුවට සම්බන්ධ වුණා කියන්නේ, සජිත්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන්ම ඉවරයි.
ඔය පොහොට්ටුවේ උන්ට ඒ කියන්නේ රාජපක්ෂලා සහ උන්ට්ගේ සට්ටම්බියන්ට ඇති ඡන්ද පදනමක් නැහැ දැන්. ඔතන ඉන්නන දක්ෂ හා අවංක පිරිසක් ඉන්නවා . අන්න ඒ පිරිසත් එකතුකරගෙන රනිල් මහතාට තියෙන්නේ තනිව ගමනක් යාම. ඒ ගමනට පාඨලි , පොන්සේකා වගේ උදවියත් එකතුකර ගතයුතුයි . මොන විවේචන තිබුනත් රනිල් මහතා මේ අවුරුදු 2 ට අගය කලයුතු දෙයක් කලා . අපක්ෂපාතිව, කුහකක නොවී හා බුද්ධිමත්ව හිතන ඕනෑම අයෙකුට තේරෙනවා මේ වෙලාවේ රනිල් මහතා හැර වෙන විකල්පයක් නැති බව . රනිල් මහතා තේරුම් ගතයුතු වැදගත්ම කරුණ තමයි මිනිස්සුන්ට දැන් රාජපක්ෂලා තිත්ත වී ඇති බව . මේ තක්කඩි පවුල නැතිව ඡන්දෙට අවොත් ඔහු දිනන්නවා . සජියාගේ මෝඩ චුන් වලින් හෝ අනුර කුමාරගේ තර්ක මහපොළවේ යථාර්ථ නෙවෙයි.
තව මාස 3-4 කින් ජනාධිපතිවරණෙ තියන්න වෙනවා , එකෙන් පත්වෙන නව ජනාධිපතිවරයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරවනවා ,දැනට තිබෙන තත්වය මත පත් වෙන්නේ අනුර හෝ සජිත් , සජිත් පත්වුනොත් පොහොට්ටු කාරයන්ට යම්කිසි ගැලවිල්ලක් තිබෙනවා නමුත් රනිල් ලඟට ගිය එවුන්ට කිසිම ගැලවිල්ලක් නැහැ , අනුර දැනට දෙන මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක වුනොත් පොහොට්ටු කාරයෝ බොහොමයකට හිරේ යන්න වෙනවා , මෙවැනි අවස්ථාවක ආණ්ඩුවට එන්න මන්ත්‍රී කෙනෙක් කෝටි 300-400 වත් ඉල්ලවී , චන්දෙ දවසේ හෝ ඊට දිනකට පෙර දැනට සිටින පොහොට්ටු මන්ත්‍රීවරු බොහොමයක් විදේශ ගතවෙන්න සැලසුම් කර ඇත , ඔවුන් නැවත එන නොඑන එක තීරණය කරන්නේ රටේ තිබෙන පශ්චාත් මැතිවරණ තත්වය නිරීක්ෂණය කරලා, චන්දෙන් අනුර දිනුවොත් මිනිස්සු ගුවන්තුටුපලවල් වල ඇතුල්වන දොරටුවල චෙක් පොඉන්ට් දමනවා හොරු රටින් පිටවෙනෙක වලක්වන්න .
කවුර ුඉදිරිපත් කෙරුවත් වාර්තාගත පරාජයක් නියතයි. බොරුවට වෙහෙසෙන්න එපා.
ධම්මික මහතා ආවෝත් උපරිම සහය ලැබෙනවා අපේන්
පොහොට්ටුවෙ එවුන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ කරන්න පුළුවන් එකෙක් හිටියා නම් අරගලය වෙලාවෙ ඔය ඉන්නවා කියන එකා අගමැති කරල ජනාධිපති කරන්න තිබුනා කියලා හිතෙන්නේ මට විතරක් වෙන්න බැහැ මහින්ද මහත්තෙයා අපිට කෝලම් කුට්ටම පෙන්නන්න හදනවා වගෙයි
මොකා අභියෝග කෙරුවත් මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
ජනාධිපති තුමනි, ඔබතුමා බිය නොවන්න. පොහොට්ටුවට ඔබ හැර වෙන සරණක් දැන් නැහැ. මොකද උනුත් දැන් ඉන්නේ නන්නත්තාර වෙලා.
මෙන්න සෙට් එක අන්ලයික් දාන්න බැහැලා ඉන්නේ අදහස් නොදක්වා ඉන්නවා නම් හොඳයි..!
වෙස් මුහුණු බන්දලා එව්වත්, මහින්ද ඇතූළු පොහොට්ටු රැලට වත් රනිල්ටත් නැවත ඡන්ද මංකොල්ල කන්න මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නෑ...!
කවුද මේ අනිත් අයගේ මතයක් ඉවසන්න බැරි කාලකන්නි ජෙප්පො, විරුද්ධ අදහසක් දාපු උන්ව මරන්න කපන්න හොයන්නේ. නායකත්වය අරන් රට කොරයි. ලැජ්ජයි උඹලගේ දේශපාලන කෙරුවාව. මරණ තර්ජන වලට භයේ මිනිස්සු මතය ප්‍රකාශ නොකර හිටිය කාලයක්. ඒ කාලෙ දැන් ඉවරයි.
බාර් ලයිසන් විස්ස ද? කපෝතියි. වෙස් මුහුණු ගැලවෙයි.
වෙනුර, අන් මතය ඉවසන අයද පොහොට්ටුවෝ, යූ ඇන්පී කාරයෝ? අන්මතය ඉවසලා කටයුතු කළා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. රට හරියට කළා නම් අපි කට පියාගෙන ඉන්නවා. රටට කෙලවලා තව මොනවා කියනවාද?
අනුර ජනපති වුනොත් ඊළඟ ආසියානු මකරා වෙන්නේ ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානයට පස්සේ.
දැන් රටේ ප්‍රධාන ගැටළුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයො කවුද යන්න නොවෙයි, කවුරු ආවත් විශ්ව කර්ම කරල පෙන්නන්න බැහැ. ජනතාවට අවශ්‍ය මේ වසරට නියමිත ජනාධිපතිවරණය නිසි කලට ලබා ගැනීමයි. පැවැත්වුවහොත් ඕන තරම් අපේක්ෂකයො ඉදිරිපත් වේවි.
සෙනෙවිරත්න මැරිලා ඉපදුනාද? අපිට මතකයි තමුන්නැහැ ඒ දවස් වල රෙදි නැතුව යූ එන්පියට කඩේ ගියා. පොහොට්‍ටුවද පුටුවද අලියද අලි බෙට්ටද කියන එක අපිට නම් අදාල නෑ මොකද ඔය කිසිම පක්ශයක් එන්නේ මේ රට හදන්නවත් මේ රටේ මිනිස්සුන්ට පට්ට ආදරේකටවත් නොවන බව තමුන්ට තාමත් තේරිලා නෑ. හැබැයි එක දෙයක් අපිට තේරෙනවා. ජෙප්පො ආවොත් අනිත් කවුරු ආවටත් වඩා මිනිස්සුන්ට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස නැති වෙනවා. දියුණුවක් ඉතින් හිතන්නවත් හම්බෙන්නෙ නෑ උතුරු කොරියාව වගේ තියෙයි. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අත උස්සලා නෝන්ඩි වූවාට බොහොම ස්තූතියි.
කවුරු ජනාධිපතිවරණයට ඉල්ලන්න හෝ ඉල්ලල ජයගන්න හෝ නියමිත ජනාධිපතිවරණය පවත්වා ගත යුතුයි. එය මඟ හැර යාමට ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුව නිරන්තරව අර අඳිනවා. කළ යුත්තෙ අපේක්ෂකයන් ගැන සිහින මැවීම වෙනුවට ජනාධිපතිවරණය නියමිත දිනට ලබා ගැනීමේ සටනක් දියත් කිරීමයි. අපේක්ෂකයො ඕන තරම් ඉඳීවි.
රටත් දේශපාලනයත්, එහි නව ප්‍රවනතාවයන් ද දන්නා මිනිස්සු, රනිල් යනු කව්ද යන්නත් ඉතා හොඳින් දන්නේය. පල් හොරුන් සහ මිනීමරුවන් ගෙන් සමන්විත, තමන් ගේ යහපත උදෙසා අටවා ගත් පක්‍ෂ, අරගලයෙන් පසු ජනතාව ප්‍රතික්‍ෂේප කොට තිබේ. රට අතහැර පලා ගිය, නාවික හමුදා කඳවුරු තුල ජනතාවගෙන් බේරීමට සැඟවුනු උන්ට ජන පදනමක් ඇතැයි සිතා සිටීමත් විහිළුවකි. ජනාධිපති වරයාට සුලු ජන ඡන් ද් මෙන්ම සුලු පක්‍ෂවලද සහයෝගය තිබේ. මගේ දැණීමට අනුව නම් ජනාදිපති වරයාට පොහොට්ටු උන් ගේ සහයෝගයක් නොමැතිව වුවද අවශ්‍ය ඡන් ද ලබා ගැනීමේ ගැටළුවක් කොහෙත්ම නැත.