
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත.
ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.
මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285 ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේය.
එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දුන්නේය.
සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.
2025 නොවැම්බර් මස 04
295
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිම්හානයේ නවාතැනට සුදුසුම රටවල් තුන අතර ලංකාවත්
සත්‍යපාල Monday, 10 June 2024 07:33 PM
ජෙපි රෑනට හැර අනෙකුත් සෑම ශ්‍රී ලංකිකයකුටම ඉතාමත් සතුටුදායක පුවතක්. කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ රටේ පරිසරය පිළිබඳ දක්වන ආකල්පය නම් කණගාටුදායකය.
Lalith Monday, 10 June 2024 09:48 PM
එහෙනම් අපේ කට්ටිය පිට රටවල නිවාඩුවට යන්නේ මොකද ?
Lalla Tuesday, 11 June 2024 12:56 PM
හැමෝම ලිං මැඩියො වගේ ඉන්න ඕනද?ඇවිද්ද පය දහස් වටී..
Lalla Monday, 10 June 2024 09:55 PM
සංචාරක ආකර්ෂණයක් කිරීමට පියවර තුනක් අත්‍යාවශ්‍යයි. පලමුව රටපුරාම සාධාරණ මිලකට පරිහරණය කල හැකි පිරිසිදු වැසිකිලි පහසුකම්. දෙවැන්න ත්‍රී රෝද රථ ටැක්සි සංචාරක ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියදුරන්ගේ ගසාකෑම නවත්තන්න මිල ගනන් නියාමනය කිරීම. තෙවනුව ජරා ආහාර අලෙවිය තහනම සහ මිල ගනන් ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම කරවීම. වෙනත් කලාපීය සංචාරක ආකර්ෂණ වල මේ කරුණු විශිෂ්ට ලෙස නියාමනය කර තියනව. මැලේ තායිලන්තය ආදියේ, ඉන්දියාව වූවත් අපට වඩා යහපත්.
Randika Tuesday, 11 June 2024 08:52 AM
සංචාරකයන්ට බලු වැඩ නොකර තව තවත් එන ඉදියට වැඩ කරලා ඩොලර් ටිකක් උපයමු
Justin Fernando Tuesday, 11 June 2024 11:26 AM
වැසිකිළි පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. බීඅයිඒ ඇතුළු සංචාරකයින්ට පහසුකම් සැලසීමට දේවල් සංවිධානය කරන්න
de silva berlin Tuesday, 11 June 2024 07:00 PM
සංචාරක වීසා නිකුත් කිරීමේ පටිපාටිය සහ මිල ගණන් කරුණාකර අපේ තරඟකරුවන් වන කලාපේ අනෙක් රටවල ( මාලදිවයින , ඉන්දුනීසියාව , බංගලාදේශය , වියට්නාමය ) මට්ටමට ගෙන එන්න , එහෙම කලොත් අපට ඔවුන් සමඟ තරඟ කරන්න පුළුවන්