(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
ගැටුමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති හෙයින් ඊට ශල්‍ය කර්මයක්ද සිදු කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
මහනුවර ප්‍රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ මහතා තමාට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන්නේ යැයි පවසා එළියට එන ලෙස තමා ඔහුට පැවසූ බව කීය.
ගුණතිලක රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට එන විට තමා ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන " උඹ මට කිව්වේ මොකක්දැයි" විමසූ බවත් එවිටම පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ගහන්න එපා යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇද වැටුණු බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
තමාගේ හැසිරීම් සියල්ල සීසීටීවී දර්ශන වල ඇතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් හොඳින්ම ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.
තමා ඔහුට අතක්වත් නොතැබූ බවත් කමීස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් ඔහු කීවේය.
අධික වර්ෂාව සහිත කාලගුණය නිසා මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටින බව තමා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කී බව පැවසූ අලුත්ගමගේ මහතා එහිදි වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණු බවද ප්‍රකාශ කළේය.
මේ වෙලාවේ බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා ද තමාගේ කතාව අනුමත කරමින් එහිදී අදහස් දැක්වූ බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසුවේ පනත් පැත්තකට තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි තමා එහිදී තදින්ම පැවසූ බවයි.
මේ අවස්ථාවේදී මදුර විතානගේ සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.......හුරේ ........ඔහොම යං ඔහොම යං තව පොහොය හතරයි
මුන්ගේ හෙළුව දැන් නිරාවරණය වෙනවා
හදිසි ආපදාවකට ලක්වෙලා තියෙද්දි පනත් ගැන කීමත් රටේ ජනතාව ඉතාමත් අසාධ්‍යවූ අවස්ථාවේ ගගට මුට්ටියක් දැමීමත් අතර කිසිම වෙනසක් නැහැ ඒත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් එහෙම මෝඩයෝ පාර්ලිමේන්තුවට යැවීම එම දිස්ත්‍රික්කයේ ජනතාවගේ නූගත් බව පෙන්විමක් නොවෙයිද කොහොම වුනත් ජනතාව අසරණ වෙලා සිටිද්දී ඒ ගැන නොබලා පුද්ගලික වාසියට කටයුතු කිරීම පොහොට්ටුවෙ උන්ගෙ රටට ජනතාවට වඩා ආත්මාර්ථකාමිත්වය ඉස්මතු කිරීමක් කියන්න පුළුවන් කාළකණ්නි දේශපාලුවෙනි මියගිය පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ආදර්ශයට ගනිල්ලා
පොහොට්ටුවේ ඉන්නෙම ඔහොම අපත මදාවින්
පවිත්‍රාට තේරෙන්නේ නැහැ මහින්දානන්දට හො මදුරට තරම්, මේ මොන බම්බු පණත්ද ? කපාගන්න පුළුවන් වෙලාවේ පුළුවන් තරම් ගස් ටික කපලා දාගන්න ඕන. මෙහෙම අවස්තාවක් ආයේ ලැබෙන එකක් නැහැ.
අවි ගත්තෝ අවියෙන්ම නසිති
පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
අවසානයේ වතුර නටා සියල්ල වාෂ්ප වී නැතිවී යයි. අපට සේවය කරන්න ඔබලා මෙලෙස කරදර වෙන්න අවශ්‍ය කැත. කරුණාකර නැවත පාර්ලිමේන්තු පළාතකට වත් අපි ඔබලාව එවන්නේ නැත.
ඔය කොලරයෙන් අල්ලලා තියෙන්නේ වෙන දේකට එහෙම නෙවෙයි එකේ තිබිච්ච කුණු වගයක් ගසන්නයි ඇදවෙලා තිබිච්ච කොලරය හරියට හරි ගස්සලා එයාගේ සාක්කුවෙන් ටයි එකක් අරන් එක බෙල්ලට ගාලා හැඩ බලන්නයි. මේ මිනිස්සු මේ එක එක ඕන්නැති කතා කියනවා. හරි නරකයි.
මේ වගේ කාලකණ්නිට නම් ආපහු ඡන්දේ දුන්නොත් ඉවරයි
මුන් රටම කාල ඉවර කරල ඒ පාර උන් උන්ම කා ගන්නවා. අඩෝ කාපිරි තොලා බබාවෙන්න එපා ඩෝ. තව මාස කිහිපයක් යනකම් උඹලට මොකුත් වෙන්නේ නැහැ.ඊට පස්සෙනම් තොපිට ඥානා අක්කගෙම පිහිටයි.
අනිවාර්යයෙන්ම අන්තිමට වෙන්නෙ මේක තමයි.. මොකද මුන්ගෙ චේතනාව අනුව කර්මය පල දෙන්න පටන් ගත්තනෙ... ඉදිරියෙදි තව සුන්දර අවස්ථා බලාපොරොත්තු වෙන්න පීස්..