
රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.
එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.
ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
(ඩේලි මිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැඩක් තියනවද.විත්තිකරු රටින් පිටවෙලා ඉවරයි නේද
දුමින්දට මෙයාට මේ වගේ සමාව දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරපු දෙන්නාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ නේද?
හිටන් ගහපු ගෝල් සේරම අවුල් වගේ.. දැන් ගත්ත ගෙදර ආපහු දෙන්න වෙයි
එම කාල සීමාව තුළ ගන්නා ලද සියලු තීරණ බල රහිත කළ හැකි නම් රටට යහපතකි.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු විසින් කුරිරු මිනීමරුවෙකු නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර එය විශාල අල්ලස් මුදලක් විය හැකි බව අපි දැන සිටියෙමු. ජනාධිපතිවරයාගේ හොර ඩීල් දැන් එළිවෙමින් තිබෙන නිසා තවත් බොහෝ ගොන් ජරාවක් බලාපොරොත්තු විය හැකිය.
ජූඩ් ශමන්ත දැන් රටෙත් නැහැ , මරණ දඩුවම හෙලාදකින ලෝකයේ ඕනෙම දියුණු රටක ජූඩ් ශාමන්තට කිසිම ප්‍රශ්නයක් නැතුව දේශපාලන රැකවරණ අරන් ජීවත්වෙන්න පුළුවන් කිසිම ප්‍රශනයක් නැතුව , ඔහුට කියන්න තියෙන්නේ ක්ෂණික කෝපය නිසා මගේ අතින් මරණයක් සිදුවුණා මට අධිකරණයෙන් මුලින්ම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලැබුන , ඊට පස්සේ එක ඇපිල් එකේදී මරණ දඩුවම බවට පෙරලුන , අවුරුදු 10 පමණ සිර දඩුවම් විදිනකොට මට ජනාධිපති සමව ලැබුන , දැන් අධිකරණය එකම වරදට නැවත මරණ දඩුවම ලබාදීලා තිබෙනවා කියල , අපි අධිකරණයේ තීන්දුවට ගරු කල යුතුය, නමුත් දැන් තිබෙන ප්‍රශ්නය චුධිතයට දඩුවම් දෙන්න චුදිතය රටෙත් නැහැ , මේ තත්වය අධිකරණයට අපහස කිරීමක් , රටේ නිතිය හැල්ලුවට ලක්කිරීමක් ලෙස මම දකිමි , අධිකරණය හැල්ලුවට ලක්කිරීමට මෛත්රිපලට සහ මේකට සම්බන්ධ නිලධරීන්ට අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඕනේ .
පොළොන්නරුවේ පොළඟට ලැජ්ජාවක් ඇත්නම් පස්සට පිහියෙන් ඇනගෙන මනම්පිටියේ පාලමෙන් මහවැලි ගඟට පනිනවා .නමුත් ලජ්ජා නහරය මේ මිනිහට නැති නිසා විරිත්තාගෙන ඔහේ කටමැත දොඩව මින් ඉඳීවි
ලොකු ගනුදෙනුවකින් පස්සේ එළියට පැමිණි අශ්වයා කල් යල් බලා රටෙනුත් පැන්නා. දැන් ඉතිං අල්ලන්න තියෙන්නේ මේ මුදල් බෙදාගත්ත හොර කල්ලිය.
මෛත්‍රීට කෙලවෙයිද?රතන සහ කල්ලියට මොකද වෙන්නේ
ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර මේ අපරාධකරු මෙරටට රැගෙන ආ යුතුයි..
අඩෝ හිටං! හුට්ට පටං. කෙලවුණා නේද ඩෝ? දැන් ඉතින් උඹයි අර ගලබොඩ ඥානපාලගේ මන්ත්‍රීකම හොරකම් කරපු අතන මෙතන රතන කහපාට යුනිෆෝම් කාරයයි මාටියා ගහපු සල්ලි දීපන් ඩෝ
ආරංචි විදිහට විත්තිකරු රටෙත් නැහැ නේද ?
රටේ නායකත්වය ස්යවස්තාව පිලිබඳ අවබෝධයක් නොමැති මැට්ටෝ පත්කර ගත්තම රටම අවුල්
අතන මෙතන රතන කොතන?
රටක නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි.එසේ නොමැතිව විධායකයේ අවශ්‍යතා අනුව අධිකරණ බලය අවභාවිතා කිරීම සිදුකිරීමට වෙර දරන අයට මරණීය දණ්ඩනය නියම කිරීමට නව නීති සම්පාදනය කළ යුතුය.දේශපාලන සිරකරුවන්,පූජ්‍ය පක්ෂයේ අය ආදී ඕනෑම කෙනෙකුට අධිකරණ බලය සම්බන්ධයෙන් කිසිදු අයුරකින් බලපෑමක් ඇති කිරීමට ඇති අවස්ථා ඇහිරිය යුතුය.රටක සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වෙනුයේ එවන් විටක දීය.
ගරු අධිකරණය රට හොඳ පැත්තකට යොමු කිරිම යහපත් දෙයක් නැත්නම් දේශපාලුවෝ මේ වටිනා රට විනාශ කරනවා
මුලින්ම ජනාධිපති සමාව දුන්නේ ජේ.ආර් ගෝනවල සුනිල්ට , එකට හේතුව සුනිල් නමැති මැරයා ජේ.ආර් . ට දේශපලනිකවශයෙන් උදවු කිරීම කියල සියලුදෙනාම දන්නවා , ගෝටා දුමින්ද සිල්වා නිදහස් කලා ඔහුගේ දේශපාලන සම්බන්ධකම සියලුදෙනාම දන්නවා , නමුත් මේ ජයමහ පවුල හෝ ජූඩ් ශමන්ත ජයමහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෝ නොවේ , මෛත්‍රීපාලගේ මෙම පවුල සමග හිතවත් කමක් පිළිබඳව කවුරුත් දන්නේ නැහැ , නමුත් මෙම පවුලට යහමින් මුදල් තිබෙනවා , මේක කරලා තිබෙන්නේ විශාල මුදල් ගනුදෙනුවකට බව හොදින් පෙනෙනවා , මෛත්‍රිපාල මේකට වග කියන්න ඕනේ , සමහරු කියන විදිහට ජූඩ්ට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්න බැහැ ඔහු කරපු වරදට හිර දඩුවම් විඳලා , රටේ ජනාධිපතිගෙන් සමව අරන් හිරෙන් නිදහස්වෙලා නිතියනුකුලව පිටරට ගිහින් තිබෙන්නේ , ඔහු සමුලගතකයෙක් හෝ ත්‍රස්ත්වධියෙක් හෝ කුඩු ජාවාරම් කරන පාතාල නායකයෙක් නොවේ ඔහු කල වරදට දඩුවම් ලබලා තිබෙනවා , පිට රටවල් මේකට ඔහුව අල්ලන්නේ නැහැ , සමහරවිට මේ වනවිට පිටරටක පීආර් එක හෝ දේශපාලන රැකවරණ ලැබිලා ඇති , ඔහුව අල්ලනවනම් අර කේපී අල්ලපු විදිහට බුද්ධි අංශ මෙහෙයුමක් කරන්න ඕනේ .
මේ තමා අපේ රටේ පවතින මජර දේශපාලනයේ ප්‍රතිඵල. රට හැදෙන්නට නම් මේ දේවල් වෙනස් විය යුතුයි
මහජන ඡන්දෙන් පත්වෙන්නේ නීතියට අනුව රටට යහපතක් කරන්න .ගොන් තකතීරු වැඩ කරපුවාම කවදාහෝ තනතුරේ පුටුවෙන් බැස්සාම දඬුවම් විදින්න වෙනවා
මේ දාමරිකයන්ගේ මුහුණ දකින්නත් අප්පිරියයි. අනෙක මෛත්‍රීට ජනාධිපතිකම දීම වඳුරෙකුට දැලිපිහියක් දුන්නා හා සමානයි.
ඉවෝන් ජොන්සන්ව මමත් දන්නවා ඉස්සර අපිට වඩා අවුරුදු 2-3ක් බාලයි. කොළඹ ජාත්‍යන්තර පාසලේ හිටියේ මගේ බිරිඳත් ඒකේ ඉගෙන ගත්තේ හරි ලස්සන ගැහැණු ළමයෙක්. මොනවා වුණත් පව්...!
ජනාධිපති සමාව නිකන් හම්බවුනේ නැහැනේ. ඒක දුන්නු කෙනෙක් ඉන්නවනේ...
හිටන් කරපු වැඩෙන් ලොකු පගාවක් හම්බ වුණා කියලා ආරන්චි...!
ගමේ ඒකාලේ මම කලින් ලියපු කමෙන්ට් එක බලන්න අනිවාර්යයෙන් හිටන් පිලෙන් පගාවක් අරන් තිබෙනවා.
දැන් තුන් පැත්තක අය ඔය වරද කරලා තියෙනවා... ජේ ආර්, සිරිසේන, ගෝඨාභය, දැන් පෙල ගැහිලා ජවිපෙට ලපයාට බනිමු. කුහකකම කොච්චරද කිව්වොත් මජර පාලකයින්ට කඩේ යන සෙට් එක මේවා දැක්කාම ඇඳන්යට... ජවිපෙට කොච්චර අවලාද කළත් රටේ හද ගැස්ම මාලිමාව වී හමාරයි..
ජූඩ් සමන්ත දැන් ඉන්නේ ප්‍රංශයේ ඔහුට එහේ තාවකාලික වීසා තිබෙනවා ප්‍රංශයේ මරණ දඬුවම නීති පොතේ නැහැ. ප්‍රංශය මරණ දඬුවම නියම වෙච්චි පුද්ගලයෙක් අදාල රටට deport කරන්නේ කලාතුරකින්, එහෙම කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියා යුද අපරාද, සමුල ඝාතන සහ අධාර රට සමග ගිවිසුම්ගතවෙලා තිබෙනවා නම් පමණි. නමුත් ප්‍රංශය සහ ලංකාව අතර මෙවැනි ගිවිසුම් නැහැ... ජුඩ්ගේ ප්‍රශ්නයේදී ඔහු නඩු විභාගයට මුහුණදීලා වැරැදිකරු වෙලා පසුව, ජනාධිපති සමාව ලැබිලා නිදහස් වුණු කෙනෙක්, ඉන්පසු ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අපට දැනගන්න තරම් විශාල වරදක් වෙලා නැහැ... හිරෙන් නිදහස්වුණු පසු කල්ක්‍රියාව හොඳ නම් කලින් කරපු වරදට නැවත දඬුවම් පනවන්න බැහැ. ප්‍රංශයේ නීතියට අනුව... දැන් සිරිසේන නිසා ඔහුගේ ප්‍රශ්නය දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මෙම තත්වය මත ඔහුට එහෙ දේශපාලන රැකවරණ සහ පුරවැසිභාවය පවා ලැබෙනවා. ජනාධිපති වුණත් රටේ නීතියට යටයි... එම නිසා රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීමට, සිරිසේන නීතිය ඉදිරියට ගෙන එන්න ඕනේ...!
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව මඟින් ඕනෑම වරදකට ශ්‍රී ලංකා අධිකරණයකදී වරදකරුවකු වන ඕනෑම අයකුට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත. මෑතක සිට අධිකරණය සෑමවිටම ව්‍යවස්ථාදායකයට වඩා උඩින් සිටින ලෙස තීන්දු දෙනවා පේනවා.
ජනාධිපති වරප්‍රසාද පාවිච්චිකරමින් මෛත්‍රීපාල කලේම මේවගෙ අසමජ්ජාති වැඩ.දැන් ඉතින් අධිකරන තීන්දුව පිලිඅරගෙන දඩ සහ ගාස්තු ගෙවල දමන්න වෙනවා. නියමයි
කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන් දොර අවකා සේ එහෙම කිව්වට විඳවන්න ක්‍රමයක් නැති එක අඩුපාඩුවක්. මෛත්‍රියා හොඳින් ඉන්නවා
හිටන් ආවේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කර මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලයි. අන්තිමේදී යන්න ගියේ මරණ දඬුවම පනවපු මිනීමරුවෙක්වත් හිතුමතේට අත්තනෝමතිකව නිදහස් කරලයි . පරස්පර හිටන්.
එතකොට ගෝඨාගේ කාලේ මේවාගේ වැරැද්දට එයාට දඩුවම් කෝ
රතන සහ සිරිසේන ඇපයට අරගෙන සිරගත කරන්න. චූදිතයා අල්ලාගත් දිනයක නිදහස් කරන්න.
ඔය මනුස්සයා දෙපිට කාට්ටුව. හබරණ ප්‍රදේශයේ හිටපු ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් මට කිව්වෙ.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කේලාම් කීමෙන් තමයි සංවිධායක කම් අරං තියෙන්නෙ (එතකොට ග්‍රාමසේවක)
රතන සිරිසේන නොමග යැව්ව,ගලයිෆොසෙට් තහනම් කරවල ,ඒක කිසිම වකුගඩු රෝගයට සම්බන්ධයක් නොමැති බව කියසිටියදීත්, අනෙක මේ සිද්ධිය, ගොටට කාබනික ලනුව දුන්න. වඳ කලා කියල අර සාපි කියන දොස්තරට බොරු චෝදනා කලා, ගෑනුවගයක් අල්ලගෙන නාඩගමක් නැටුව කණගාටුව රටේ බුද්ධිමත් අයත් ඒ බොරුවට අහවුන එකයි.