
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය.
එසේම අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇති බැවින් නැවත වරක් සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන බවද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.
එහිදී සැකකරුවන් ලෙස නම් කර ඇති ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයන් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.
කැමැත්ත ලබාදී තිබියදීත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ඔවුන්ට විරුද්ධව නිල් නිවේදන නිකුත් කර ඇතිබවද ජනාධිපති නීතිඥවරයා පැවැසුවේය.නමුත් කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරීම බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උද්දෘත ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ පිළිබඳ මීටපෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාල නඩුකරය දෙසැම්බර් 4 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක්ට රට යන්න දෙන්න එපා. ඡන්දෙත් ළඟ නිදා යන රටක ගල්වෙයි.
මෙව්වා යට යන නඩු... මොකද පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකම් කළා වගේ දරුණු හොරකම් නෙවෙයිනේ... කාලයත් සමග භූගත වෙලා යයි...
මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව නඩුකරයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇතත්, තාමත් නෑ.. දැන් මේ නීතිපතිටම නේද පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ හේතුව මත සේවා දිගුවක් දුන්නේ. අනේ අපොයි.!!!
අර්ජුන් මහේන්ද්‍රන් වගේ මෙයාවත් හොයාගන්න බැරිවෙයි.
අන්න එහෙම යන්න ඕනෑ. වෙලාවට යන්න දුන්නාම හොඳටම ඇති. ලංකාවේ ඉන්න කාලෙට රට යන්න තහනම් කළාට පාඩුවක් නැහැනේ...
මෙයත් හොර දූෂිතයෙක් තමා රාජපක්ෂ පව්ලේ ...කාලයක් කට්ටි පැන පැන හැන්ගිලා හිටියා. ගෝඨා ජනාධිපති වෙචිචි ගමන් ආවා.
ඉස්සර අපි ටීචර්ට ටොයිලට් යනවා කියලා කැන්ටිමට යනවා වගේ ටික කාලෙකට යනවා කියලා රටම පනිනවා... මරු නීති ලංකාවේ...
මෙයා දන්නවා ඉදිරි මාස 3-4 ඇතුලත ආණ්ඩුව වෙනස් වෙනවා එහෙම වුනොත් , අලුත් නීතිපති කෙනෙක් ඇවිත් නිවැරදි කරුණු කරන ඉදිරිපත් වුනොත් නඩුව ඔප්පුවෙලා හිරේ යන්න වෙන්න පුළුවන් කියල , අනිවාර්යයෙන් මොහු රටින් පනිනවා එහෙම නොමැතිනම් මේ යන්නේ එම වැඩේට පිඹුරුපත් හදන්න , අර්ජුන මහේන්ද්‍රන් ගැන අද කවුරුවත් කතා කරන්නේ නැහැ .
හැමෝම කීය කීය හරි හොයාගන්න කාලේ මේ අසරණයටත් මිග් ගනුදෙනුවෙන් පනම් හතරක් හොයාගත්තා කියලා මොකද මෙච්චර කරදර කරන්නේද?
නඩුකරය පිළිබද නීති උපදෙස් විමසා අවුරුදු හතක් ගතවී ඇතත් .....මේවා දකිනකොට නම් හිතන්නේ අපිට මාලිමා පැටවුන්ගෙන් (ජෙප්පන්ගෙන්) කොතරම් අලාභහානි වෙලා තිබුණත් උන්ලා මේවා නවත්වනවා කියලා පොරොන්දු වුනොත් මාලිමාවට ඡන්දය දෙන්නම හිතෙනවා දැන් සිටින වෙන එකෙක් වත් මේවා ගැන සොයා බලන්නේ නැහැ කියලා හිතෙනවා තවත් එකක් ඔය මිනිහා පාර්ලිමේන්තුව අහවල් දවසේ විසුරුවා පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වා රාජපක්ෂ පරපුරේ එවුන්ට තැනක් හදන්න දැගලුවේ ඕකට කියලා හිතෙනවා
දැන් එයා ටික කාලෙකින් රට ගිහිල්ලා ආයෙත් ලංකාවට එයි, මෙන් කියලා. ලංකාවේ නීතිය නම් බල්ලට ගිහින්
ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපතිය නම් අවුල් නමුත් ජෙප්පෝ මොනදේ කලත් ජෙප්පොන්ට දුන්නොත් සමහරවිට මෙවැනි හොරුන්ව හිරේ අරිවී , සජිත් ගැනත් මේවා නවතාවි කියල විශාල බලාපොරොත්තුවක් තියාගන්න බැහැ , ඔහු පරණ පොහොට්ටු හොරු පක්ෂෙට ගන්නවා