
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්'වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ.
'ඩච් රූල්ස්' ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
2022 වසරේදී ආරම්භ කරන ලද 'ඩච් රූල්ස්' සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.
'ඩච් රූල්ස්' සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.
ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.
නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය.
තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පැවැසුවේය.
ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ 'නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්' පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2500 යක ජාතික අභිමානය. ඔබට දළදා සමිඳු පිහිටයි...
ලංකාවේ හිටියා නම් ඔහොම දෙයක් හදන්න තියා හිතන්නවත් ඉඩක් නම් ලැබෙන්නේ නැහැ... අත්ට්‍රැක්ටරය හෙලිකොප්ටරය වගේ නිමැවුම් ලංකාවේ කළත් ඉදිරියක් දකින්නට ලැබුනේ නැහැ වගේම තමයි ඔය කොයිදේ නිෂ්පාදනය කළත් කරන්න දෙන්නේ නැහැ...
අනුරාධපුරය පැත්තේ ඒවා හොඳයි...
නිත්‍ය ලෙසම පත්වන ඊළඟ npp රජය යටතේ ඩැනී මහතා ලංකාවට ගෙනැවිත් සුරාබදු කොමසාරිස් තනතුර ලබාදීමට අකුදි ජනාධිපති සහෝදරයා කටයුතු කරනු ඇත...
ලංකාවේ හොරට හදන කසිප්පු වලයි, මේකෙයි වෙනසක් තියෙනවද?
ඕස්ට්‍රේලියාවෙ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ නෑ නෑ නේද? මයිනා ජනපති කාලේ එක්තරා ප්‍රසිද්ධ පොල් මෝලක් පොල්වතුරවලින් බ්‍රැන්ඩි හැදුව. නිශ්පාදනය සඳහා බලපත්‍ර ඉල්ලුව... ප්‍රතිඵලය...මතට තිත වැඩසටහන අනුව බලපත්‍ර දිය නොහැක.... දැන් ඒ ආයතනය පොල්වතුර කෑන්වල අසුරා අපනයනය කරනව. අගය ආදේශ කර බ්‍රැන්ඩි විදියට යවන්න පුලුවන් වුනානම් අපතේ යන පොල්වතුර හොඳම අමුද්‍රව්‍යයක් වී පොල්වගාවට තව අගයක් ලැබෙන්න තිබුන නේද? රාජපක්ෂ ක්‍රමය....
මගේ ගම දන්කොටුව , අපිත් ජීවත්වන්නේ ඔය මහත්තයා කරන ව්‍යාපාර කරලා.නමුත් අපි ලංකාවේ මේ කර්මාන්තය කරන නිසා පිළිගැනීමක් නැහැ. මාසෙකට සැරයක් දෙකක් අල්ලාගෙන යනවා පොලිසියට.පොතේ නොලියා උසාවි නොදා එලියට එන්න එක වතාවකට ලක්ෂයක් එකහමාරක් දෙන්න ඕනා ජරාව. මාසෙක මගේ ලාභය 50 000 යි, පොලිසියේ ලාභය 150,000 යි. මගේ නිෂ්පාදනවලටත් මේ රටේ රහස් වට්ටෝරුවක් දානවා ..ඔක්කොම ජාති කියන්න බැහැ එකක් දෙකක් කියන්නම්. හොඳට මලකඩ කාපු කටු කම්බි අවශ්‍යමයි. කුනුවුණ ඇඹුල් කෙසෙල් ගෙඩි , කජු පුහුලම් , සක්කර. මැරුණ බල්ලෙක් .මේවා ඔක්කොම දාලා බඩු කැලෑවේ හංගනවා . සුවඳට කටුස්සෝ , ගෙම්බෝ එහෙම වාඩියට පනිනවා. ඒවාගෙන් තමයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙන්නේ. මටත් ඔස්ට්‍රේලියාවට පනින්න කවුරුහරි උදව්කරනවාද ?
ලංකාවේ ඕවා කලා නම් අද ඔය කොල්ලා හිරගෙදර සුරාබදු එකෙන් පොලිසියෙන් පැනලා ඔය බඩු එක්ක අවුරුදු 20හිරේ දාලා
රසායන විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව වගේ මේ රටට ප්‍රයෝජනයක් නැති විෂය ඉගෙන ගන්නත් එපා උගන්වන්නත් එපා. අපරාදේ සල්ලි නේද?
අතිවිශිෂ්ටයි.. ඔය ගමන්ම අපේ කසිප්පඅ අපනයනය කරලා බලනින හොද ඉල්ලුමක් තියෙයි.
වාසනාව.. ටික කාලෙකින් ටිලියනපතියෙක් කියන පුවතක් අහන්න පුළුවන්