මැනිං වෙළඳපොලේ වෙළඳ ස්ථාන විකිණීමේ සූදානමක් නෑ කොළඹ මැනිං වෙළඳපොලේ පදික වේදිකාවේ තිබෙන වෙළඳ ස්ථාන විකිණීමේ කිසිම සූදානමක් තමන්ට නැතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අද (22) පැවසුවාය. 22 January 2020
නමුණුකුල කඳුපාමුල නිවාස 16ක් නාය යෑමේ අවදානමේ පස්සර නමුණුකුල කඳුපාමුල යුරිවත්තේ නිවාස 16ක් නාය යෑමේ අවදානමකට ලක්වීමෙන් පවුල් 25ක නිවසියෝ වැසි දිනවලදි අවතැන්ව සිටිති. 22 January 2020
තලවකැලේ ඩෙස්පොඩ් මාර්ගයේ ගමනාගමනය නවතී තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබෙන පාලමක කොටසක් කැඩීයාමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (22) සිට තාවකාලිකව ඇණ හිට ඇති බව නානුඔය පොලිසිය පවසයි. 22 January 2020
බස් රිය පෙරැළී 15 කට තුවාල මහනුවර තෙල්දෙණිය,ඩිපෝවට අයත් බස් රථයක් අද (22) තෙල්දෙණිය රඹුක්වැල්ල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 22 January 2020
හොර ඔප්පුවේ සාක්කිකරුවන් අත්අඩංගුවට පුතා විසින් පියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉඩමේ අයිතිය පවරා ගැනීමේ ඔප්පුවක සාක්කිකරුවන් ලෙස අත්සන් කරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 22 January 2020
මින්නේරියේ වාන් ඇළකට ටිපර් රථයක් පෙරැළෙයි වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ පිහිටි වාන් ඇළට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා අද(22) පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මින්නේරිය පොලිසිය පවසයි. 22 January 2020
නීතිවිරෝධීව ගෙනා ව්‍යාජ සිගරට් සමඟ අයෙකු අත්අඩංගුවට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන විදේශීය සිගරට් 14 ක් සමඟ පුද්ගලයෙකු අද(22) වැල්ලවාය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 January 2020
කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයක් වසර 3ක් භාවිත කර නැහැ ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට ගෙන්වූ රුපියල් කෝටි 10ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රය වසර තුනකට වැඩි කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් එහි ඇතැම් කොටස් අක්‍රිය වී ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. 22 January 2020
බස් රථයේ කුටීරයක සඟවා කේරළ ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් දැලේ පෞද්ගලික බස් රථයක රහසිගත කුටිර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් බව කියයි. 22 January 2020
නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ දෙදෙනෙකු අත්අඩංගුවට සියඹලාණ්ඩුව මඩුගම කුඩාඔයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමීමේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි. 22 January 2020
ගාල්ලේ ප්‍රාථමික පාසලක සිසුහු-මව්පියවරු විරෝධයක ගාල්ල බොනවිස්ටා ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(22) උණවටුන රූමස්සලට හැරෙන මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ. 22 January 2020
අරුවක්කාලුවේ ස්ථාන 4 ක් පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කරන්න යයි අරුවක්කාලුවේ ස්ථාන හතරක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු කරන බව පරිසර රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා අද (21) පැවසීය. 21 January 2020
ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ලක්ෂ 50 කට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය. 21 January 2020
පරීක්ෂණ චාරිකාවක යෙදුන එස් - 14 දුම්රියක දෝෂයක් ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (21) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ චීනයෙන් ආනයනය කළ එස් - 14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රිය එන්ජිමක වතුරු පොම්පයේ හටගත් හදිසි ජල කාන්දුවක් හේතුවෙන් එම දුම්රිය ආපසු කොළඹ බලා ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 21 January 2020
හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට සාලියවැව යාය හත ප්‍රදේශයේ සිදුකළ සොදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි. 21 January 2020
බඹරු ඇනීමෙන් 16 ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (21) දින පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 21 January 2020
සෝමාවතියේ මුවදෙනක මරා උයමින් සිටි 7දෙනෙකු දැලේ සෝමාවතිය ජාතික උද්‍යානයේ මුවදෙනක මරා, එම මස් පිසිමින් සිටි පුද්ගලයන් 7දෙනෙකු අද(21) කළුගඟ ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව එම වනෝද්‍යානයේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීහු පවසති. 21 January 2020
ඇල්ලේ කසළ දෙමෝදරට බැහැර කරනවාට විරෝධයක් ඇල්ල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන කසළ දෙමෝදර දරගලපතන අතහැර දැමූ ගල්වලකට ගෙනත් දැමීමේ සූදානමක් ඇති බව පවසමින් ඊට විරෝධය දක්වා ප්‍රදේශවාසීහු අද(21) උද්ඝෝෂණයක නිරත වූහ. 21 January 2020
තලවකැලේ අපිරිසිදු ආපනශාලා - වෙළඳසැල් 10කට නඩු තලවකැලේ අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළඳසැල් 10කට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(21) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 21 January 2020
රන් මාල කැඩූ දේවාල කපුවා අත්අඩංගුවට වැලිපැන්න පොලිස් වසමේ රන් මාල 4 ක් කොල්ලකෑමේ චෝදනාවට සැකපිට ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු අද(21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 January 2020
කළුගල් කොරියේ හිමිකරුට ඇප ලැබීමට විරෝධය පා නිහඬ විරෝධතාවයක් සොරබොරවැව, කෝවිල්යාය ගම්මානයේ කළුගල් කොරියේ හිමිකරුට ඇප ලබාදීමට විරෝධය පා මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (21) නිහඬ විරෝධතාවයක නිරතවුහ. 21 January 2020
රත්ගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බාර ගැනීම අත්හිටවූ නියෝගය ඉවතට රත්ගම පන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රති චක්රියකරණ මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරිමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනිමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නිකුත් කරනලද කොන්දේසි සහිත ආඥාව මාස හයක කාල සිමාවකට ඉවත් කිරිමට මහේස්ත්‍රාත්වරයා අද (21)නියෝග කළේය. 21 January 2020
රිදීමාලියද්දේ පවුල් 100ක් පානීය ජල හිඟයක රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඳුගොඩ, වීරගොල්ල දෙමටගොඩයාය ගම්මානවල පවුල් 100ක පමණ ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. 21 January 2020
අනුරාධපුරයට නව මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් උතුරු මැද පළාත් බද මහාධිකරණයට සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කර තිබේ. 21 January 2020
අල්ලස් ගත් ආගමන විගමන සහකාරවරයකු අත්අඩංගුවට අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 January 2020
ඉමදූව ප්‍රා.සබේ ගාලගෝට්ටියක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා එළවළු මාලයක් පැළඳ ඉමදූව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට පැමිණීමෙන් අද (21) සභාවේ ගාලගෝට්ටියක් ඇතිවිය. 21 January 2020
නීතිවිරෝධීව මී ගවයන් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවටෙ නීතිවිරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මී ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (21) නාකියාදෙණිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 21 January 2020
වල් අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට ආඩිගම නාගවිල වැව අසල දී අද (21) අලුයම වල් අලි ප්‍රහාරයකට ලක්වූ 65 හැවිරදි පුද්ගලයකු එම ස්ථානයේ දී මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය පවසයි. 21 January 2020
ගම්පෙරළියට වැඩ කළ ගාල්ලේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා නැහැ පසුගිය රජයේ ‘ගම්පෙරළිය’ වැඩසටහන යටතේ කරන ලද ඉදිකිරීම් සඳහා මෙතෙක් මුදල් නොලැබීම හේතුවෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික්කයේ කොන්ත්‍රාත්කරුවෝ පවසති. 21 January 2020
බලපත්‍ර නැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ලොරියකින් තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (21) බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025