(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඳුගොඩ, වීරගොල්ල දෙමටගොඩයාය ගම්මානවල පවුල් 100ක පමණ ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.
වැසි දිනවලදී ගමේ වළවල් හාරා ජලය ලබාගත්තද, මාස දහයකට ආසන්න කාලයක් ඒවා සිඳී යාම හේතුවෙන් ලොග්ගල්ලා ඔයේ අපවිත්‍ර ජලය පානය කිරීමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
හේන් වගාවත් කුලී වැඩත් ජීවනෝපාය කරගත් තමන්ට ළිඳක් කපා ගැනීමට හෝ ජලනල පද්ධතියක් ඉදිකර ගැනීමටවත් වත්කමක් නැති බවද ගම්මු කියාසිටිති.
පානීය ජල හිඟය හේතුවෙන් ගමේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද පාචනය ආදී රෝගී තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවන බවද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මහතා මෙසේ කීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ නායකත්වයෙන් අපි මේ වන විටත් මෙම ගම්මානවල පානීය ජල හිඟය විසඳීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර අපි ජලසම්පාදන මණ්ඩලය කැඳවා මෙම කොට්ඨාසයේ පානීය ජලගැටලු තිබෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන සැලැස්මක් සකස් කිරීමට පියවර ගනු ලැබුවා.
ඉන්පසුව එම පිරිස්වලට කඩිනමින් ජලය සපයා සැපයීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමටත් සැලසුමක් සකස් කළා. ඒ අනුව ඉදිරි කාලයේ දී අපට මෙම ගම්මානවලට ඉතා කඩිනමින් පානීය ජල සැපයුමක් ලබාදීමට හැකිවේවි” යැයිද කීය.





2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිදීමාලියද්දේ පවුල් 100ක් පානීය ජල හිඟයක