IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයක් වසර 3ක් භාවිත කර නැහැ

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට ගෙන්වූ රුපියල් කෝටි 10ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රය වසර තුනකට වැඩි කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් එහි ඇතැම් කොටස් අක්‍රිය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.
 
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ එම යන්ත්‍ර පසුගිය දිනක සවිකර බැලූ අවස්ථාවේ සමහර කොටස්වල ගැටලු ඇති බව දැනගන්නට ලැබුණු බවයි.
 
යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදනය කළ එකක් බවද, අකර්මන්‍ය වී තිබෙන කොටස් නැවත පිළිසකර කිරීම සඳහා මව් සමාගමට යැවූ බවද ඔහු කීය.
 
මෙම යන්ත්‍රය ගෙන්වා වසර තුනක කාලයක් ගතවී ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුව ද  යන්ත්‍රය කරාපිටිය රෝහලට ලැබී ඇත්තේ 2015 වර්ෂයේ ජනවාරි මාසයේ දී බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  
 
කරාපිටිය පිළිකා ඒකකයේ යන්ත්‍රය සවිකළ යුතු ස්ථානයේ පිවිසුම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් එය ගෙන්වා වසර එකහමාරක කාලයකට පසුව ද යන්ත්‍රය සවිකිරීමට නොහැකි වූ බව 2017 අප්‍රේල් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක දී ද සාකච්ඡා කෙරිණි.
 
පසුව එම ගැටලුව නිරාකරණය කර යන්ත්‍රය සවිකළ ද වායු සමීකරණ පද්ධතිය යන්ත්‍රයට ගැලපෙන ආකාරයට සකස් කිරීමට නොහැකිවීම හේතුවෙන් තවත් වසර ගණනාවක් මේ යන්ත්‍රය භාවිතයට ගැනීම ප්‍රමාද විය. රෝගීන්ගේ ප්‍රයෝජනයට මෙය ලබා නොදීම පරිපාලනයේ දුර්වලතාවයක් බව ද රජයේ මුදල් අවභාවිතා වීමක් බවට ද  කිහිප වතාවක්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලදී ද සඳහන් කෙරිණ.



අදහස් (0)

කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයක් වසර 3ක් භාවිත කර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site