(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාලුවේ ස්ථාන හතරක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු කරන බව පරිසර රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා අද (21) පැවසීය.
අරුවක්කාලු හුණුගල් නිධිය ආශ්‍රිතව පිහිටා ඇති අලි වල සහ ඉංග්‍රීසින් විසින් මෙරට පාලනය කළ සමයේ මැණුම් කටයුතු වෙනුවෙන් ඉදිකළ මැණුම් කුළුණ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන බවට හඳුනා ගෙන තිබේ.
සේරක්කුලිය පොල් වත්ත සීමාවේ ඇති ජෛව විවිධත්ව වටිනාකමකින් යුතු පැරණි හුණුගල් කොරියේ පූර්ව ශීලා මෙවලන් ඇති බවට හදුනාගෙන තිබේ.
අදාල ස්ථාන නිරීක්ෂණය සඳහා පුත්තලම ඉන්සි සිමේන්ති සමාගමේ සහ අරුවක්කාලු හුණුගල් කොරියේ නිලධාරීන් අවශ්‍ය පහසුකම් ලබා දී තිබුණි.
මෙම නිරීක්ෂණ කටයුතු සඳහා පරිසර අමාත්‍යශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ,පරිසරවේදීන් සහ පර්යේෂණ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.




2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අරුවක්කාලුවේ ස්ථාන 4 ක් පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කරන්න යයි