(ඩබ්. ඒ. පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයේ මුවදෙනක මරා, එම මස් පිසිමින් සිටි පුද්ගලයන් 7දෙනෙකු අද(21) කළුගඟ ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව එම වනෝද්‍යානයේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීහු පවසති.
සැකකරුවන් සමඟ ගිනි අවි දෙකක්, උණ්ඩ 29ක්, වෙඩි බෙහෙත්, පොරොවක්, පිහි කිහිපයක්, මස් පිසින භාජනයක් සමග මුව මස් කිලෝ 20ක් ද ඔවුන් බාරයට ගෙන ඇත.
මොවුහු මැදිරිගිරිය, වඩිගවැව සහ කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම පුද්ගලයන් කාලයක පටන් මෙම ජාතික උද්‍යානයේ මුවන් ඝාතනය කර මස් කර අලෙවි කර ඇති බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව වනජිවි නිලධාරීහු කියති.
වනජීවි බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර සුමනවංශ, වනසත්ව නියාමක සුරංග, වනජීවි නිලධාරින් වන අසෝක, හේමන්ත, සිවිල් ආරක්ෂක නිලධාරින් වන ජානක, සරත්, රෝයල්, ගාමිණි, කපිල සහ වනජීවි රියදුරු ජානක අමරසිංහ යන මහත්වරු වැටලීමට එක්ව සිටියහ.
අත්අඩංගුවට සැකකරුවන්, මස් සමග උපකරණ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd