(මුදිතා දයානන්ද)
කොළඹ මැනිං වෙළඳපොලේ පදික වේදිකාවේ තිබෙන වෙළඳ ස්ථාන විකිණීමේ කිසිම සූදානමක් තමන්ට නැතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අද (22) පැවසුවාය.
සේනානායක මහත්මිය මෙසේ පැවසුයේ කොළඹ මැනිං පොදු වෙළඳ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදීය.
මැනිං වෙළඳපොළේ පදික වේදිකාවේ තිබෙන වෙළඳ ස්ථාන 80 ක් ඉරිගසා වෙන්කර එකක් ලක්ෂ 10 ය බැගින් වන මුදලකට අලෙවි කිරිමේ සැලැස්මක කොළඹ නගර සභාව නිරත වන්නේ යැයි වෙළඳ සංගමය කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට නගරාධිපතිනිය , නගර සභාවේ මන්ත්‍රීවරු හා නිලධාරීන් පිරිසක් සමඟ මැනිං පොදු වෙළඳපොල වෙත පැමිණියාය.
මැනිං වෙළඳපොලේ පදික වේදිකාවේ කොටස් වෙන්කර තිබෙන්නේ තම සංගමයට කිසිම දැනුම් දීමකින් තොරව හොර රහසේ රාත්‍රී කාලයේ පැමිණ බවත් එසේ කඩ ලබාදීමට සුදානම් වන්නේ වෙනත් ස්ථානවල පදික වෙළඳාමෙන් ඉවත් වී මැනිං වෙළඳපොලේ වෙළඳාම සමඟ කිසිම සම්බන්ධයක් නැති අය බවත් පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා එහිදී පැවසීය.
මේ ආකාරයට ස්ථාන ගත පිරිසට පෑලියගොඩ අලුතෙන් ඉදිකරන මැනිං වෙළඳපොලේ ස්ථානයක් ලබාදීමේ කූට සැලැස්මක් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ ලෙස තිබේදැයි තමන්ට සැකයක් පවතින බවද වෙළඳ සංගමයේ නියෝජිතයෝ චෝදනා කළහ.
මැනිං වෙළඳපොළ භූමියේ අයිතිය තිබෙන්නේ නගර සභාවට යැයි නගර සභාව පැවසුවද එය තමන්ට අයිතියැයි නාගරික සංවර්ධන අධිකාරියද පවසන බව වෙළඳ සංගමය පෙන්වා දුන්නේය.
එහිදි අදහස් දැක්වු රෝසි සේනානායක මහත්මිය පදික වෙළඳපොල කඩවෙන් කිරිමේ කාර්යයේදි වෙළඳ සංගමය සම්බන්ධ කර නොගැනීමෙන් අඩුපාඩුවක් සිදුවු බව පිළිගන්නා බව පැවසුවාය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විවිධ ස්ථානවලින් ඉවත් කරන ලද පදික වෙළඳුන්ගේ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් පමණක් මෙසේ කඩ වෙන්කර දීමට කටයුතු කළා හැර එහි කිසිදු යටි අරමුණක් නැති බවද ඇය පැවසුවාය. පෑලියගොඩ නව මැනිං වෙළඳපොළ කටයුතු සිදුකරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බවද එහි කඩකාමර හිමිවිය යුත්තන් පිළිබඳ ලැයිස්තු දැනටමත් සකස් කර අවසන් බවද එයට මේ පදික වෙළඳුන්ගේ නම් ඇතුළත් නොවන බවද නගරාධිපතිනිය පැවසුවාය.
ස්ථිර වෙළඳසැල් හිමියන්ට අලුත් වෙළඳකුටි ලබාදීමෙන් පසු පදික වෙළඳුන්ටද ස්ථානයක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද මැනිං වෙළඳපොලේ ප්‍රශ්නයක් වේ නම් කළ යුත්තේ මාධ්‍යයට දැනුම් දීම නොව තමන් හමුවී කතා කිරීම බවද ඇය පැවසුවාය.
තමන්ට මෙතෙක් සාකච්ඡාවට අවස්ථාවක් නොදුන් බවට වෙළඳ සංගමය ඉදිරිපත් කළ චෝදනාවද නගරාධිපතිනිය පිළිගත් අතර ඉදිරියේදී ඊට අවස්ථාවක් ලබාදීමට සුදානම් බවද පැවසුවාය.
මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා , කොළඹ නගර සභාවේ කොමසාරිස් රොෂානි දිසානායක, පශු වෛද්‍ය අයි. වී. පී. ධර්මවර්ධන ඇතුළු මහජන නියෝජිතයෝ හා නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)





2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැනිං වෙළඳපොලේ වෙළඳ ස්ථාන විකිණීමේ සූදානමක් නෑ