කොළඹ වරායෙන් බියර් සොරාගත් අයෙකු අත්අඩංගුවට
මාලදිවයිනට ප්රති අපනය කිරීම සඳහා, කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ බහාලුම්වල ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බියර් කෑන් තොගයක් සොරාගත් පුද්ගලයකු කොටහේන ගබඩාවකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.