හිටපු නියෝජ්‍ය ඇමතිගේ නිවසින් රන් භාණ්ඩ අතුරුදන් වීම ගැන තිදෙනෙකු අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාට අයත් පොළොන්නරුව, නවනගරය, 2 ඇළ නිවසේ තිබී ලක්ෂ 25 ක පමණ ස්වර්ණාභරණ අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.