මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම 23 දා
කොළඹ මහනගර සභාව, එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් මුතුරාජවෙළ අභය භූමියට කසළ බැහැර කිරීම, වැලි ගොඩ දැමීම, පස් කැණීම, පිරවීම ආදී කටයුතුවල යෙදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.