(ඩී.ජී.සුගතපාල)
සියලුම සුදුසකම් තිබියදීත් තම දරුවන් පාසලට ඇතුළත් කර ගත්තේ නැතැයි පවසමින් මව්පියවරු පිරිසක් ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ඉදිරිපිටදී අද(24) 16 වන දිනටත් සත්‍යග්‍රහයක නිතරවූහ.
මෙම සත්‍යග්‍රහය ඉකුත් 8වන දින ආරම්භ කර තිබූ අතර, අද එය 16වන දිනටත් අඛණ්ඩව පැවැත්විණි.
ඔවුන් පැවසුවේ සංඝමිත්තා විදුහල පේන තෙක් මානයේ පදිංචිව සිටින පාසලේ ආදි සිසුවියන්ද වන තමන්ගේ දරුවන් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර වෙනත් ළමයින් තෝරාගෙන ඇති බවය.
පාසල අවට බටගන්විල, මඩපාතල, එලියට් පාර ආදි ප්‍රදේශවල පදිංචි මව්පියවරු පිරිසක් ද ඔවුන්ගේ දැරියෝ ද මෙම සත්‍යග්‍රහයට එක්ව සිටියහ.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුහු පිරිසක්ද සත්‍යග්‍රහයේ යෙදි සිටි දෙමව්පියන්ට සහාය දක්වමින් එහිදී විරෝධතාවක් පැවැත්වූහ.




2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දරුවන් පාසලට නොගත්තැයි මව්පියවරු 16 දිනටත් සත්‍යග්‍රහයක