(ඩී.ජී.සුගතපාල)
සියලුම සුදුසකම් තිබියදීත් තම දරුවන් පාසලට ඇතුළත් කර ගත්තේ නැතැයි පවසමින් මව්පියවරු පිරිසක් ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ඉදිරිපිටදී අද(24) 16 වන දිනටත් සත්‍යග්‍රහයක නිතරවූහ.
මෙම සත්‍යග්‍රහය ඉකුත් 8වන දින ආරම්භ කර තිබූ අතර, අද එය 16වන දිනටත් අඛණ්ඩව පැවැත්විණි.
ඔවුන් පැවසුවේ සංඝමිත්තා විදුහල පේන තෙක් මානයේ පදිංචිව සිටින පාසලේ ආදි සිසුවියන්ද වන තමන්ගේ දරුවන් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර වෙනත් ළමයින් තෝරාගෙන ඇති බවය.
පාසල අවට බටගන්විල, මඩපාතල, එලියට් පාර ආදි ප්‍රදේශවල පදිංචි මව්පියවරු පිරිසක් ද ඔවුන්ගේ දැරියෝ ද මෙම සත්‍යග්‍රහයට එක්ව සිටියහ.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුහු පිරිසක්ද සත්‍යග්‍රහයේ යෙදි සිටි දෙමව්පියන්ට සහාය දක්වමින් එහිදී විරෝධතාවක් පැවැත්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd