IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හෝටල් හිමිකාරියගේ ඝාතනයට සැකපිට 5 ක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)

උණවටුන යද්දෙහිමුල්ලේ පිහිටි සංචාරක හෝටල් හිමිකාරියගේ ගෙල කපා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැපපිට පුද්ගලයින් පස් දෙනෙකු අද (22) අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පැවසීය.

පසුගිය 10 වැනිදා අලුයම මෙම ඝාතනය සිදුවී ඇති අතර සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ නිලුකා චාමලි නැමැති 34 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝවෙති.

ඝාතනය සඳහා යොදා ගන්නාලද මන්න පිහියක් , ගිනි අවියක් සැකකරුවන් අපරාධය සිදු කිරීම සඳහා පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එදින රාත්‍රී 12.10 ට පමණ යතුරු පැදියකින් හෝටලයේ ආපන ශාලාවට පැමිණි දෙදෙනෙකු ඇයගේ උකුලේ සිටි හත් හැවිරිදි දරුවා පසෙකට ඇද දමා පළමුව ඇයගේ ගෙල කපා බිමට වැටුන පසු වෙඩි පහරවල් කිහිපයක්ද එල්ලකර පලාගොස් ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් අතර විශේෂ කාර්ය බලකායේ සේවය කරමින් සිට සේවය අත්හැර ගිය අයෙකුද වන අතර ඔහු ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලැබූ අයෙකු  බවද ඝාතනයේ  වෙඩික්කරු හැටියට ක්‍රියා කර ඇත්තේ ද එම පුද්ගලයා බවද අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ජී.පී.එස්.තාක්ෂණය යොදා ගනිමින් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරමින් සිදු කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදු කරන ලද එකක් වන අතර පසුගිය වසරේ ජූනි මාසයේ විදේශ ගතව සිටින මියගිය කාන්තාවගේ සැමියා විසින් ඇය ඝාතනය කිරීමට සඳහා වෙනත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 30 ක කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණත් කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයා විසින්ම ඒ බව ඇයට පැවසීම නිසා ඝාතනය වැළකි ගොස් තිබේ.

 

 



අදහස් (0)

හෝටල් හිමිකාරියගේ ඝාතනයට සැකපිට 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site