IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම 23 දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කොළඹ මහනගර සභාව, එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් මුතුරාජවෙළ අභය භූමියට කසළ බැහැර කිරීම,  වැලි ගොඩ දැමීම, පස් කැණීම, පිරවීම ආදී කටයුතුවල යෙදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23)  නියම කළේය.

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සිසිර ද ආබෲ , ප‍්‍රීති පද්මන් සූරසේන  සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියම කළේය.

කොළඹ නගරසභාව මඟින් මුතුරාජවෙල අභය භූමියට කසළ බැහැර කිරීම නිසා එම ප‍්‍රදේශයේ ජීවත්වන 25,000කට අධික පිරිසක් පීඩාවට පත් ඇති බවත් , කසල බැහැර කිරීමෙන් සිය මූලික අයිතීන් කඩවී ඇති බවත් සඳහන් කරමින් බෝපිටිය ශ්‍රී බෝධි විහාරයේ ධම්මකුසල හිමියන්, බෝපිටිය ශා කළහ.

කොළඹ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප‍්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා,  වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වාරිමාර්ග දෙපොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වත්තල සහකාර ප‍්‍රාදේශීය ලේකම්, භූවිද්‍ය හා පතල් කාර්යාංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර තිබූ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

කලකට ඉහත කුඹුරු යායක් ලෙස තිබී 1996දී අභය භූමියක් ලෙස පත්කෙරුණු  මුතුරාජවෙලට කිසිදු පූර්ව පාරිසරික ඇගයීම් වාර්තා ලබා ගැනීමකින් තොරව කසළ බැහැර කරන බව ඉකුත් 2017 වසරේ අපේ‍්‍රල් 20 වැනිදා පෙත්සම්කරුවන් දැනගත් අතර , තමන් ඇතුළු ප‍්‍රදේශවාසීහු එක් වී විරෝධතා පැවැත්වූහ.

එම විරෝධතා සහ උද්ඝෝෂණ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ කොළඹ නාගරික කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන් දිගින් දිගටම එලෙස කසළ බැහැර කිරීම සිදු කළ බව කියා සිටී. මෙලෙස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා එහි ජීවත් වන පවුල් 6500කට අයත් පුද්ගලයින් 25,000 කට අධික පදිංචිකරුවන් පිරිසක්  පාරිසරික හා සෞඛ්‍ය ගැටලූ රැසක් ඇති වී ඇත.

කසළ බැහැර කිරීම නිසා මැස්සන් වැනි සතුන් ඇති වී තිබෙන අතර විශාල දුර්ගන්ධයක් ද පැතිරී යන බව සඳහන් වේ. මේනිසා මුතුරාජවෙල ආග‍්‍රිතව මෙන්ම ඊට ආසන්නව ජීවත් වන අයගේ හා කුඩා ළමයින්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බව පෙත්සමේ දැක්වේ. මෙම කසළ බැහැර කිරීම නීතියට මෙන්ම පාරිසරික පනත්වලටද පටහැනිය.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටපෙන්වා දෙන පෙත්සම්කරුවෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 12 (1) ,14 (1) ජී යන වගන්තීන් යටතේ දක්වා ඇති මූලික අයිතීන් කඩවන බවට ප‍්‍රකාශයක් කරන්නැයිද අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම මුතුරාජ වෙළ අභය භූමියට කුනු බැහැර කිරීම , හෝ වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීම සිදු කිරීමෙන් 1 සිට 10 දක්වා වගඋත්තරකරුවන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ආචාර්ය සුනිල් කුරේ ,කොළඹ නාගරික කොමසාරිස් වෙනුවෙන් නීතීඥ සේනානි දයාරත්න මහත්වරු  පෙනී සිටියහ.

 



අදහස් (0)

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම 23 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site