IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කාන්තාවක අපයෝජනය කිරීමට තැත්කළ කපුවා අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)

හැරදමා ගිය සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් 27 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන දේවාලයක කපුවෙකු අද (23) අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට අළුත්තරම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

කපුවා තමාගේ රුපියල් 20,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට ද කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

එම කාන්තාව රවටා රුපියල්  20,000 ක මුදලක් වංචා කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට උසාවිය හමුවේ වරද පිළිගත් කපුවා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා  අද (23) නියෝග කළේය.

 



අදහස් (0)

කාන්තාවක අපයෝජනය කිරීමට තැත්කළ කපුවා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site