(නිශාන්ත කුමාර)
හැරදමා ගිය සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් 27 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන දේවාලයක කපුවෙකු අද (23) අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට අළුත්තරම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
කපුවා තමාගේ රුපියල් 20,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට ද කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
එම කාන්තාව රවටා රුපියල් 20,000 ක මුදලක් වංචා කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට උසාවිය හමුවේ වරද පිළිගත් කපුවා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා අද (23) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd