රංජිත් රාජපක්ෂ
අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට පිවිසෙන කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවිය.
යහපාලන රජයේ සීමානිර්ණය අනුව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන් කළ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස බල කරමින් මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වී තිබේ.
අංක 21/47/28/2019 ඔක්තෝබර් 29 නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අමතරව නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් කොටස් දෙකකට වෙන් කර ඇති බවයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ එකම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් තුළ සහජිවනයෙන් දිගු කලක් ජිවත් වූ ජනතාව නව බෙදිම අනුව දෙකට වෙන් වී ඇති බවයි.
පරිපාලන කොටස් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ඉවත් වී ශ්‍රි පාදස්ථානය නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යයාල බල ප්‍රදේශයට අයත් වන බවද හෙලප්‍රිය නන්ද රාජ මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් සත්‍යග්‍රහයක