IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වීසා දෙන බව කියා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වැඩිදුර අධ්‍යාපනය සඳහා ස්විට්සර්ලන්තයට යාමට වීසා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ කොල්ලුපිටියේ රැකියා නියෝජිත ආයතනයක සේවිකාවක් අද(23) හොරණේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
තොරතුරු තාක්ෂණවේදී උපාධිය සඳහා ස්විට්සර්ලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය ලැබීමට වීසා ලබාදිය හැකි බව පවසා කඩුවෙල පදිංචි කාන්තාවක් මුදල් වංචා කළ බවට ලද පැමිණිලි දෙකක් මත සැකකාරිය අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
 
මෙම සැකකාර කාන්තාව එක් තරුණියකගෙන් රුපියල් 360,000ක් සහ ගුවන් බලපත්‍රයක්ද, තවත් තරුණයකුගෙන් රුපියල් 40,000ක් සහ ගුවන් ගමන් බලපත්‍රය ද ලබා ගෙන තිබූ බව ඔවුන් කරන ලද පැමිණිලිවල සඳහන් වේ.
 
ස්විට්සර්ලන්තය බලා පිටත්කිරීම සඳහා ඇය රුපියල් 850,000ක මුදලක් ඉල්ලා තිබූ බවද අනාවරණය වී ඇත. සැකකාරියට විරුද්ධව මෙවැනි ම පැමිණිලි කොට්ටාව හා බොරැල්ල පොලිසිවලටද වාර්තා වී ඇති  බව පොලිසිය කියයි.
 
මෙම සැකකාරිය මුදල් ලබාගත් බව කියන පුද්ගලයන් සිටී නම් නොපමාව හොරණ පොලිසියට පැමිණිලි කරන ලෙස අපරාධ අංශ දන්වයි.



අදහස් (0)

වීසා දෙන බව කියා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site