(එම්.කේ. නන්දසේන)
කතරගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසල අලිපැටියෙකු මිය ගොස් සිටියදී අද (24) සොයාගත් බව කතරගම වනජීවී කාර්යාලය කියයි.
අවුරුදු පහක්, හෝ හයක් වයස සිතියහැකි මෙම අලි පැටියා කතරගම ප්‍රාදේශීය සභාව කසළ බැහැර කරන රජමාවත කසළ අංගනය අසළ දින දෙක තුනක් අසනීපව සිට ඇති බවත්, එම අලි පැටියාට වනජීවී නිලධාරීන් ප්‍රථිකාර ලබාදී ඇතැත් අද (24දා) උදෑසන මියගිය බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
මෙම අලි පැටියා සම්බන්ධයෙන් වනජීවී පශුවෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ආහාර සමඟ විෂක් ශරීර ගතවීමෙන් සිදුවූ මරණයක් බවට වාර්තාවක් ලබාදී ඇත.
මෙම අලි පැටියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර ඇත.වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වය.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කතරගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසළ මිය ගිය අලි පැටවෙක්