(නිශාන්ත කුමාර)
පිහියකින් කපා කොටා පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්දකැටිය ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අද (23) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ පුද්ගලයා කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහල වෙත මාරු කර යැවූ බව පොලිසිය පැවසීය.
කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සිද්ධියෙන් රෝහල් ගත කර ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd