IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැලිමඩ වතු කම්කරුවෝ වීදි බසිති

(ඩී.කේ.රත්න)
 
වැලිමඩ ඩයරබා වතුයායේ පහළ කොටසේ වගා ඉඩම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කම්බි ගසා වෙන් කිරීමට විරෝධය පා  වතු කම්කරුවෝ අද (24) නිරතවෙමින්  විරෝධය දැක්වූහ.
 
මෙම ජනතාව වසර ගණනාවක්ම මෙම ඉඩම්වල වගා කටයුතු කර තිබියදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ඉඩම් වැලිමඩ කොස්කාණුවල වැව් රක්ෂිතයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස නම් කර කම්බ් ගසා වෙන් කර ඇතැයි ඔවුහු කීහ.
 
වගා කටයුතු කළද ජල පෝෂක පෙදෙසට කිසිදු හානියක් නොකරන බවත් ඔවුහු කීහ.
 
ජනතාව ජයරබා වතුයායේ පහළ කොටසේ කෝවිල අසලදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබිණි.
 
මෙම ස්ථානයට පැමිණි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතා ලබන බදාදා වැලිමඩ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස ඔවුන්ට දැන්වීය. එදිනට මේ පිළිබඳව වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡාවක්ද ලබාදීමට පොරොන්දුවීමත් සමග කම්කරුවෝ විරෝධතාව අවසන් කළහ. 

 



අදහස් (0)

වැලිමඩ වතු කම්කරුවෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site