(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල කරදියාන කසළ කන්දේ අද(23) අලුයම ගින්න නිවා දැමූ බව මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.
බැකෝ යන්ත්‍රයක්, ගිනි නිවන යන්ත්‍රයක්, ජල බවුසර් දෙකක් උපයෝගී කරගෙන පැය දෙකක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමූ බව එම නිලධාරීහු පැවසූහ.
ගින්න කසළ කන්ද පාමුල ප්‍රදේශයෙන් ඇති වූ බව පැවසූ නිලධාරීහු ඒ අවට පදිංචිකරුවෙකු කළ ගිනි තැබීමකින් හටගත් බවට සැක පළ කරති.
පසුගිය දින දෙක තුළ තරමක වර්ෂාපතනයක් තිබූ බැවින් ගින්න ශීඝ්‍රයෙන් පැතිරයාම වැළැකී තිබූ බවද ඔවුහු කීහ.
මෙම ගින්න කසළ කන්ද පුරා පැතිරගියේ නම් විශාල විනාශයක් වන බවද, දෙහිවල, ගල්කිස්ස, කොළොන්නාව වන ප්‍ර දේශවලින් කසළ බැහැරකිරීමට නොහැකිව පාරිසරික ගැටලුවක් ඇති බවද ඔවුහු කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කුණු අපෙන් ගන්නේ වෙන් කරලා. එත් විදිමත් විදියට කසල බැහැරකරලා නැති පාටයි.