IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කරදියාන කසළ කන්දේ ගින්න නිවාදමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පිළියන්දල කරදියාන කසළ කන්දේ අද(23) අලුයම ගින්න නිවා දැමූ බව මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි.

බැකෝ යන්ත්‍රයක්, ගිනි නිවන යන්ත්‍රයක්, ජල බවුසර් දෙකක් උපයෝගී කරගෙන පැය දෙකක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමූ බව එම නිලධාරීහු පැවසූහ.

ගින්න  කසළ කන්ද පාමුල ප්‍රදේශයෙන් ඇති වූ බව පැවසූ නිලධාරීහු ඒ අවට පදිංචිකරුවෙකු කළ ගිනි තැබීමකින් හටගත් බවට සැක පළ කරති.
 
පසුගිය දින දෙක තුළ තරමක වර්ෂාපතනයක් තිබූ බැවින් ගින්න ශීඝ්‍රයෙන් පැතිරයාම වැළැකී තිබූ බවද ඔවුහු කීහ.

මෙම ගින්න කසළ කන්ද පුරා පැතිරගියේ නම් විශාල විනාශයක් වන බවද, දෙහිවල, ගල්කිස්ස, කොළොන්නාව වන ප්‍ර දේශවලින් කසළ බැහැරකිරීමට නොහැකිව පාරිසරික ගැටලුවක් ඇති බවද ඔවුහු කීහ.



අදහස් (1)

කරදියාන කසළ කන්දේ ගින්න නිවාදමයි

eresh S kumara Thursday, 23 January 2020 05:44 AM

මේ ඔක්කොම කුණු අපෙන් ගන්නේ වෙන් කරලා. එත් විදිමත් විදියට කසල බැහැරකරලා නැති පාටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site