IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න)

ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු නවයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීහු අද (23) සමත්වූහ. 

වැල්ලව පොලිසියට ලද තොරතුරකට අනුව ව්‍යාජ මුදල් නෝට්ටු නවයක් සමඟ 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් පුද්ගලයාගෙන් ලද තොරතුරු වලට අනුව අද (23) දඹදෙණිය ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. 

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබියදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 361 ක් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්, ලැප් ටොප් පරිගණකයක් , ඩිජිටල් මුද්‍රණ  යන්ත්‍ර දෙකක් ,ව්‍යාජ මුදල් මුද්‍රණය  කිරීමට යොදාගත් තීන්ත සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දහසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමුවී තිබේ

සැකකරු පරිගණක යන්ත්‍ර අලුත්වැඩියා කරන මුවාවෙන් මෙලෙස ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ගිරිඋල්ල, කුරුණෑගල, නාරම්මල, ගම්පහ, මීරිගම සහ වැල්ලව යන ප්‍රදේශවල මෙසේ මුද්‍රණය කරණ ලද ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු සංසරණය වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැල්ලව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site