(ජයන්ත සමරකෝන්)
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන මෙම අක්‍රමිකතා අවම කිරීම සඳහා විද්‍යුත් මෘදුකාංගයන් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම ලබන මාසයේ සිට ආරම්භ කරන බවද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා කීය.
ඒ සමඟම විද්‍යුත් ක්‍රමයට උප්පැන්න , විවාහ සහ මරණ ලියාපදිංචි කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ලේඛන සෑම දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගැනීමට හැකියාව ඇතැයිද ඔහු කීවේය.
පසුගිය මාසයේ මෙම ලේඛන එක්දින සේවාව මගින් නිකුත් කිරීම යටතේ රුපියල් මිලියන 750 ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd