(ජයන්ත සමරකෝන්)
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන මෙම අක්‍රමිකතා අවම කිරීම සඳහා විද්‍යුත් මෘදුකාංගයන් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම ලබන මාසයේ සිට ආරම්භ කරන බවද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා කීය.
ඒ සමඟම විද්‍යුත් ක්‍රමයට උප්පැන්න , විවාහ සහ මරණ ලියාපදිංචි කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ලේඛන සෑම දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගැනීමට හැකියාව ඇතැයිද ඔහු කීවේය.
පසුගිය මාසයේ මෙම ලේඛන එක්දින සේවාව මගින් නිකුත් කිරීම යටතේ රුපියල් මිලියන 750 ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම් ගැන වසරකට පැමිණිලි 3000 ක්