(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පාසල් දරුවන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය පෙදෙසෙහිදී අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු ලෙස පෙනී සිටි වෙනත් පුද්ගලයකු පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(23) නියෝග කළේය.
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ඇල්ලගේ චින්තක සුමනසිරි නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
රිය අනතුරට සම්බන්ධ රියදුරු සතුව බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පොලිසිය නොමග යැවීම සඳහා රියදුරු ලෙස සැකකරු ඉදිරිපත් වී ඇති බව බලන්ගොඩ රථවාහන පොලිසිය පැවැසීය.
අනතුරින් තුවාල ලැබු දරුවන්ගෙන් ප්‍රකාශ සටහන කිරීමේදි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ රියැදුරු වෙනුවෙන් පෙනීසිට ඇත්තේ වෙනත් පුද්ගලයකු බවයි.
ත්‍රිරෝද රථය පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (22) දා වු ත්‍රිරෝද රථ අනතුරින් පාසල් දරුවෝ පස්දෙනෙක් තුවාල ලැබූහ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනතුර කළ රියදුරු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙක් රිමාන්ඩ්