(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පාසල් දරුවන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය පෙදෙසෙහිදී අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු ලෙස පෙනී සිටි වෙනත් පුද්ගලයකු පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(23) නියෝග කළේය.
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි ඇල්ලගේ චින්තක සුමනසිරි නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
රිය අනතුරට සම්බන්ධ රියදුරු සතුව බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පොලිසිය නොමග යැවීම සඳහා රියදුරු ලෙස සැකකරු ඉදිරිපත් වී ඇති බව බලන්ගොඩ රථවාහන පොලිසිය පැවැසීය.
අනතුරින් තුවාල ලැබු දරුවන්ගෙන් ප්‍රකාශ සටහන කිරීමේදි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ රියැදුරු වෙනුවෙන් පෙනීසිට ඇත්තේ වෙනත් පුද්ගලයකු බවයි.
ත්‍රිරෝද රථය පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (22) දා වු ත්‍රිරෝද රථ අනතුරින් පාසල් දරුවෝ පස්දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd