(මහින්ද නිශ්ශංක)
ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (21) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ චීනයෙන් ආනයනය කළ එස් - 14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රිය එන්ජිමක වතුරු පොම්පයේ හටගත් හදිසි ජල කාන්දුවක් හේතුවෙන් එම දුම්රිය ආපසු කොළඹ බලා ධාවනය කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය පොල්ගහවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම හදිසි ජල කාන්දුව හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම බලවේග දුම්රිය හතරක් චීනයේ සිට මෙරටට ආනයනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් වැඩි කොමිස් මුදලක් ලැබෙන එන්ජින් වර්ගයක් විකුනන්න බලන් ඉන්න කණ්ඩායමක්, එහෙමත් නැතිනම් කලින් නරකයි කිවූ එන්ජින් වල තැරැව්කරුවෝ වතුර පොම්පෙට හානියක් කලා වෙන්න බැරිද? පොඩි ගතමනාවකට තමුන්ගේ දරුමල්ලෝ උනත් විකුණන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ?