IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගම්පෙරළියට වැඩ කළ ගාල්ලේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා නැහැ

(ඩී.ජී.සුගතපාල)
 

පසුගිය රජයේ ‘ගම්පෙරළිය’ වැඩසටහන යටතේ කරන ලද ඉදිකිරීම් සඳහා මෙතෙක් මුදල් නොලැබීම හේතුවෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි  ගාල්ල දිස්ත්‍රික්කයේ කොන්ත්‍රාත්කරුවෝ පවසති.
 
ගම්පෙරළිය වැඩ සටහන ආරම්භ කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය කිරීම, නිවාස ඉදි කිරීම, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය , ක්‍රීඩා පිටි ඉදි කිරීම, පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති 5600ක් පමණ කර ඇත.
 
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන් ගිවිසුම් අත්සන්කර මෙම කටයුතු කර ඇති නමුත් ඔවුනට තවමත් මුදල් ගෙවා නැති බවය. කොන්ත්‍රාත් සඳහා රුපියල් මිලියන 900කට අධික මුදලක් ගෙවා නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
තම රජය බලයට පත්වු අවස්ථාවේ කලින් ආණ්ඩුව යටතේ කරන ලද කොන්ත්‍රාත්වලට මුදල් ගෙවු බව පැවසු මන්ත්‍රීවරයා ආණ්ඩුමාරුවීමත් සමග කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් නොගෙවන්නේ නම් එය අසාධාරණයක් බවද කියා සිටියේය.
 
මෙහිදි සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙම කාරණය මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
 
මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන හා සැලසුම් අධ්‍යක්ෂ සමන් ජයසේකර මහතාගෙන් විමසු විට කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන බවය.



අදහස් (0)

ගම්පෙරළියට වැඩ කළ ගාල්ලේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site