(විජේරත්න රත්නායක සහ පාලිත ආරියවංශ)
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ලොරියකින් තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (21) බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැව තොගය ලක්ෂ දෙකහමාරක පමණ වටිනකමින් යුක්තය.
මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ සිට බදුල්ල දෙයියන්නේවෙල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන මෙම ලොරියේ තේක්ක ලෑලි වූ බවත් බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරියෙකුට මෙම ලෑලි ගෙනයමින් තිබූ බවත් පොලිසිය කියයි.
බදුල්ල පොලීසියේ දිසා විෂමත්ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අදාළ ලෑලි තොගය, ලොරි රථය හා එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප - පාලිත ආරියවංශ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd