IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නමුණුකුල කඳුපාමුල නිවාස 16ක් නාය යෑමේ අවදානමේ

(ප්‍රසන්න පත්මසිරි)

පස්සර නමුණුකුල කඳුපාමුල යුරිවත්තේ නිවාස 16ක් නාය යෑමේ අවදානමකට ලක්වීමෙන් පවුල් 25ක නිවසියෝ වැසි දිනවලදි අවතැන්ව සිටිති.

යුරිවත්තේ කර්මාන්තශාලා කොටසේ නිවාස 16ක් පමණ පවතින එම භුමියේ අක්කර තුනක පමණ කොටසක් 2014 වසරේ සිට මේ දක්වාම වැසි දිනවලදි නායයෑමට ලක්වන බව නිවෙස් හිමියෝ පවසති. වර්ෂා සමයේදී ඔවුන්ට යාමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් තේ වත්තේ දරමඩුවක රාත්‍රිය ගත කරන බව ද කියති.

මේ සම්බන්ධයෙන් එස්.විමලකුමාර මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“2014 දෙසැම්බර් 26 දින අපේ නිවාස අවට භූමිය නාය ගියා. එදා ඉදලා මේ දක්වාම අක්කර තුනක් විතර නාය යෑමට ලක්ව තිබෙනවා. බලධාරීන්ට කීවාට ඒ අය අපිට විසඳුමක් දෙන්නෙ නෑ. වැස්ස දිනවලදි කොහෙට හරි යන්න කියනවා”

එම්.චන්ද්‍රමුර්ති මහතා මෙසේ පැවසීය.
 
“ගෙවල් 16කම නිවාස පුපුරලා. ගෙවල්වල ඉන්න බැරිතරමට බොරවතුර මතුවනවා. අපිට යන්න තැනක් නැති නිසා රෑට නිදාගන්නේ නැහැ. කොයි මොහොතේ අපේ ජීවිත පස් වලට යටවෙයිද දන්නේ නෑ” යැයිද කීය.
 
නිවාස හිමිකරුවකු වන වයි.විජයකුමාර් මහතා මෙසේ කීය.
 
“වහින දවස් වලදී අපි සියලුම දෙනා තේ කර්මාන්තශාලාවේ දර මඩුවේ රාත්‍රිය ගත කරනවා. කන්න බොන්න දෙයක් දෙන්න කවුරුවත් නෑ. වත්තෙන් උදවු කරන්නෙත් නෑ. අපේ දුක කියන්න කෙනෙක් අපිට නෑ. වැස්සට බොර වතුර මතුවනවා. නිවාස බලාගෙන ඉද්දි පුපුරනවා. බිත්ති කඩා වැටී තිබෙනවා” යැයිද පැවසීය.
 
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී ඩබ්ලිව්.එම්.පී දර්ශන මහතාගෙන් විමසුවිට මෙසේ පැවසීය.
 
“යුරිවත්තට අපි ලියුම් යවලා මේ අයට ගෙවල් හදන්න ඉඩම් ඉල්ලලා තැනක් නම් කළා. එතන ගෙවල් හදන්න ගියාම ජල රක්ෂිතයක් තිබෙන බව කියමින් ගම්මානයකින් විරෝධයක් ආවා. නැවතත් ඉඩමක් දෙන්න කියලා වත්තෙන් ඉල්ලුවත් තාම දුන්නේ නැහැ” යැයිද  දර්ශන මහතා කීය.

(තේ වත්තේ දර මඩුව)

 



අදහස් (0)

නමුණුකුල කඳුපාමුල නිවාස 16ක් නාය යෑමේ අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site