IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රත්ගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බාර ගැනීම අත්හිටවූ නියෝගය ඉවතට

(ඩී.ජී.සුගතපාල)

රත්ගම පන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රති චක්‍රියකරණ  මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරිමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනිමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් නිකුත් කරනලද කොන්දේසි සහිත ආඥාව මාස හයක කාල සිමාවකට ඉවත් කිරිමට මහේස්ත්‍රාත්වරයා  අද  (21)නියෝග කළේය.

රත්ගම පොලිසිය විසින් කරන ලද කරුණු දැක්විමක් අනුව දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් ඉකුත්  (14) මෙම කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.

පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා අධිකරණයේ පෙනි සිට සාක්කිකුඩුවට නැග සාක්කි දෙමින් කියා සිටියේ මාස හයක් තුළ මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලබාදෙන බවය. අධික වැසි දිනවල කසළවලින් පිටවන  මිතෙයින් වායුව වාතය සමග මුසුවිම නිසා  දුර්ගන්ධය පැතිර යන බවටත් ඒ අනුව යම් මහජන පීඩාවක් ඇතිවන බවටත්   නිතිඥවරුන්ගේ ප්‍රශ්ණ කිරිමේදි පළාත් පාලන කොමසාරිස්වරයා පිළිගත්තේය. දුර්ගන්ධය වැළැක්විම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන බවද සාක්කිකරු කියා සිටියේය. 

දැනට ගාල්ල මහ නගර සභාව ,හික්කඩුව නගර සභාව, රත්ගම ප්‍රාදේශය සභාව ,සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන හතරේ කසළ මෙම රත්ගම කසළ මධ්‍යස්ථානයට ගෙනයනු ලබන බවත්  කෙසේ වෙතත් ගාල්ල නගර සභාවේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක කරන ලබන කොම්පෝස්ට් නිෂ්පාදනාගාරය පටන්ගත් පසු රත්ගම මෙම කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයට ලැබෙන කසළ ප්‍රමාණය අඩුවන බවත් එවිට මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙන බවත් පළාත් පාලන කොමසාරිස්වරයා වැඩි දුරටත් සාක්කි දෙමින් කියා සිටියේය.

පැමිණිලිකාර පාර්ශවය සහ අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් ඉදිරිපත් කල කරුණු ද පළාත් පාලන කොමසාරිස්වරයා දිව්රුම්පිට දෙන ලද සාක්කියද සළකා බැලිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගය මාස හයකට ඉවත් කොට ප්‍රගතිය සළකා බැලිම සඳහා අප්‍රියල් 21 ට කල් තබන ලදී. 

 ඉකුත් 14වනදින රත්ගම පොලිසිය අධිකරණයට කරුණු  වාර්තා කරමින් කියා සිටියේ මෙම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටුයුතු කරගෙන යාමට නොහැකිව ඇති අතර දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවත් ලිං ජලයට අපද්‍රව්‍ය මුසුවි ඇති බවත් කුඹුරු අස්වැද්දිමට නොහැකි බවත් මේ නිසා ජනතාව අපහසුවට පත්ව ඇති බැවින් එම මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලුම කසළ ගෙන ඒම වැළැක්විම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98(1) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කරන ලද සියලු කරුණු සළකා බලන ලද මහේස්ත්‍රාත්වරයා රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා විසින්  විසින් ඉදිරිපත් කරනලද දිව්රුම් ප්‍රකාශයෙහි අඩංගු කරුණුවලට අවධානය යොමු කිරිමේදි එම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට ගෙන එනු ලබන ඝණ අපද්‍රව්‍ය නිසා මහජනතාවගේ කායික සුවයට හානිකර බවට සෑහිමකට පත්විමෙන් පසු එම කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන කසළ ප්‍රවාහනය කිරිම වළක්වාලමින් ජනවාරි 21වනදින දක්වා බල පැවැත්වෙන පරිදි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සහ කසළ මධස්ථානයේ බාරකරු බුද්ධික පතිරණ යන මහත්වරුන් වෙත මෙසේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කලේය.



අදහස් (0)

රත්ගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බාර ගැනීම අත්හිටවූ නියෝගය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site