(රංජත් කරුණාවීර)
සොරබොරවැව, කෝවිල්යාය ගම්මානයේ කළුගල් කොරියේ හිමිකරුට ඇප ලබාදීමට විරෝධය පා මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (21) නිහඬ විරෝධතාවයක නිරතවුහ.
මහියංගණ සොරබොරවැවට හානිවන ලෙස ප්‍රදේශවාසීන්ට කරදරකාරී අයුරින් මෙම ගල්කොරිය පවත්වාගෙන ගොස් තිබේ.
පසුගිය 14 වැනිදා හිමිනමකට හා ගම්වාසීන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කොරියේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
නඩුව යළි අද කැඳවූ අවස්ථාවේ දී ගල්කොරියේ හිමිකරු වන කමල් විදානගමගේ මුදලින් රුපියල් 2500 ක්, ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහියංගණ මහේස්ත්‍රාත් ඒ. ඒ. ප්‍රියංකර ලක්ෂමන් මහතා නියෝග කළේය.
ඇප ලැබීමෙන් පසු ගල් කොරියේ හිමිකරු මාධ්‍යට අදහස් දැක්වීමකින් තොරවම උසාවි භූමියේ සිටම රථයක නැගී පිටව ගියේය.
අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයේ යෙදී මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් මෙසේ ප්‍රකාශ කළේය.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයන් හා පහරදීමට පැමිණි රථය මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, පොලිසිය නිසි රාජකාරිය මෙම සිද්ධියේ දී සිදු නොකරන බවත්ය.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කළුගල් කොරියේ හිමිකරුට ඇප ලැබීමට විරෝධය පා නිහඬ විරෝධතාවයක්