IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනුරාධපුරයට නව මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් බද මහාධිකරණයට සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කර  තිබේ.

ඒ අනුව උතුරු මැද පළාත් බද මහාධිකරණයේ නව විනිසුරුවරයා ලෙස සනත් ජේ මොරවක මහතා පත් කර ඇත. විනිසුරු මොරවක  මහතා උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්වීමට පෙර  අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.

මෙතෙක් කලක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා ලෙස රාජකාරි කළ සහන් මාපා බංඩාර මහතා වයඔ පළාත් බද මහාධිකරණයේ නව විනිසුරුවරයා ලෙස ස්ථාන මාරුවක්  ලැබීම හේතුවෙන් මෙම නව පත් කිරීම සිදුකර ඇත.

මේ අතර මෙතෙක් කලක් වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස රාජකාරි කළ මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස  පත් කරනු ලැබ  තිබේ.

පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයක නඩු විභාගයට ගත යුතුව ඇත්තේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්  ඉදිරිපිටදී වන අතර එහෙත් මෙතෙක් කලක් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු විභාග කිරිම සිදුකරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා පමණක් ඉදිරිපිටදීය. ඒ එක් මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙනි. 

මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පැමිණිමත් සමඟ මින් ඉදිරියට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු විභාගයට ගැනෙන්නේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේය. අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස රාජකාරි කරනු ලබන්නේ ද මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතායි.



අදහස් (0)

අනුරාධපුරයට නව මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site