(ඩබ්. ඒ. පියතිලක)
වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ පිහිටි වාන් ඇළට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා අද(22) පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මින්නේරිය පොලිසිය පවසයි.
මින්නේරිය වැවෙන් කන්තලේ වැවට ජලය රැගෙන යන වාන් ඇළේ ආරක්ෂක වැට ද කඩාගෙන ගිය ටිපර් රථය පෙරළී ඇත.
අනතුර වන අවස්ථාවේ වර්ෂා තත්වයක් පැවති බවත් ටිපර් රථ රියදුරා අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම හේතුවෙන් වේගය පලනය කරගත නොහැකිවී අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි.
ටිපර් රථයට ද වානට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මින්නේරිය පොලිස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් එහි රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මින්නේරියේ වාන් ඇළකට ටිපර් රථයක් පෙරැළෙයි