(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළඳසැල් 10කට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(21) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
අද ආපන ශාලා, එළවළු වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුහු මෙම පියවර ගත්හ.
තවත් ආපනශාලා හිමිකරුවන් කිහිපදෙනෙකුට ඒවායේ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට සති දෙකක කාලයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.
ආහාර ඇසුරුම් කිරීමට යොදාගෙන තිබූ මුද්‍රිත කඩදාසි මින් ඉදිරියට භාවිතා නොකරන ලෙස ද ආහාර පිසීම සඳහා තිබූ ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් ඉවත් කරන ලෙසද, ඔවුහු ආපනාශාලා හිමිවරුන් දැනුවත් කළහ.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ පිළියෙළ කර තිබූ ආහාරපාන කිහිපයක්ද නරක් වූ එළවළු ද ඔවුහු විනාශ කර දැමූහ.





2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තලවකැලේ අපිරිසිදු ආපනශාලා - වෙළඳසැල් 10කට නඩු