(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළඳසැල් 10කට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(21) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
අද ආපන ශාලා, එළවළු වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුහු මෙම පියවර ගත්හ.
තවත් ආපනශාලා හිමිකරුවන් කිහිපදෙනෙකුට ඒවායේ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට සති දෙකක කාලයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.
ආහාර ඇසුරුම් කිරීමට යොදාගෙන තිබූ මුද්‍රිත කඩදාසි මින් ඉදිරියට භාවිතා නොකරන ලෙස ද ආහාර පිසීම සඳහා තිබූ ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් ඉවත් කරන ලෙසද, ඔවුහු ආපනාශාලා හිමිවරුන් දැනුවත් කළහ.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ පිළියෙළ කර තිබූ ආහාරපාන කිහිපයක්ද නරක් වූ එළවළු ද ඔවුහු විනාශ කර දැමූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd