නිධන් හෑරූ 11ක් අත්අඩංගුවට
කන්දකැටිය පොලිස් වසමට අයත් මහකැලේ, දෙකේ කණුව කොටසේ පුද්ගලික කුඹුරු යායක නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 11දෙනෙකු ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද සමග අද (25) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.