නාරංගලදී බසයකට ගල් ප්‍රහාරයක් දිප්පිටිය අම්බලකන්ද හරහා ගංතුන මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකට අද (21) අලුයම කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අරණායක පොලිසිය පවසයි. 21 November 2017
පෙති 2500ක් සමග අයෙක් දැලේ රුපියල් ලක්ෂ 7 ½ ක් වටිනා ටැමඩෝල් පෙති 2500 ක් සමග සැකකරුවකු අද(21) අලුයම අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි. 21 November 2017
පොලිසියට පහර දුන් හමුදා සෙබළා අත්අඩංගුවට අවමංගල නිවසකදී ඇතිවු බහින් බස් වීමකින් පසු පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි. 21 November 2017
බවුසරය ටිපර් රියේ ගැටෙයි කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ යෝගියාන ආදාහනාගාරය අසලදී කොන්ක්‍රීට් මිශ්‍රණ බවුසරයක් හා කළු ගල් ප්‍රවාහනය කරනලද ටිපර් රථයක් මුහුනට මුහුනලා ගැටීමෙන් අද (20) අනතුරට පත්ව ඇති බව දංකොටුව පොලීසිය කියයි. 20 November 2017
අ’පුර රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අද (20) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. 20 November 2017
කැකුලන්විල ප්‍රදේශවාසීහු විරෝධතාවයක මහා පරිමාණ ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට අයත් බව කියන හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශාල භූගත නල ළිඳක් ඉදිකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (20) කැකුලන්විල මංසන්ධියේදී විරෝධතාවයක් ඇරඹුහ. 20 November 2017
’’උස්වැවේ රොන් මඩ ඉවත් කර නෑ’’ ධීවරයෝ කියති ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ තිබෙන වැව් අතරින් විශාලතම වැවක් වන “උස්වැව” වැවේ තැම්පත් වී ඇති රොන් මඩ වසර ගණනාවකින් ඉවත් නොකිරීම නිසා දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ධීවරයෝ පවසති. 20 November 2017
බස් ගැටුමකින් 4ක් රෝහලේ පඬුවස්නුවර සිට කොළඹ බලා ධාවනය කළ ලංගම බස් රථයක් අද (20) ඇටියාවල ප්‍රදේශයේදී කුරුණෑගල සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගි බස් රථයක ගැටීමෙන් හතර දෙනෙකු තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කළ බවත් ඉන් තිදෙනකු මීගමුව මුලික රෝහලට මාරුකර යැවු බවත් දංකොටුව පොලිසිය පවසයි. 20 November 2017
මාවා කිලෝ 100 ක් කොටගලින් අල්ලයි හැටන් කොටගල නගරයේ වෙළෙඳහලක් පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එහි සඟවා තිබූ මාවා නමැති මත් ද්‍රව්‍ය කිලෝ 100යක් සමග එම වෙළෙඳහලේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය. 18 November 2017
වව්නියාවේ ලංගම බස් වර්ජනයක් වවුනියාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කළහ. දේශපාලනික බලපෑම් මත කෙරෙන ස්ථාන මාරු කිරීම් වහාම නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. 18 November 2017
කටුපොල් වගාව නවත්වන්න‘ යි උද්ඝෝෂණ බුලත්සිංහල ප්‍රදේශයේ කටු පොල් වගා කිරීම නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද හල්වතුර මංසන්ධියේ සිට උද්ඝෝෂණයක නිරත වූහ. 18 November 2017
පුත්තලමේ නගර සභා සේවකයෝ විරෝධතාවයක පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයාට පහර දිමට විරෝධය පළ කර 5 වැනි දිනටත් නගරයේ කුණු එකතු කිරිම නවතා හිටපු නගර සභා සභාපතිවරයකු ඇතුළු පිරිසක් විරෝධතාවයක අද (17) නිරත වුහ. 17 November 2017
පරිපාලන නිලධාරියාට විශ්‍රාමික ග්‍රාම නිලධරයෙක් බැන වදී නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරි කාර්යාලය තුළදී විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු බැන තර්ජනය කිරිම සම්බන්ධයෙන් ඔහු නවගත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත. 17 November 2017
ඇටම්පිටියේ අර්තාපල් ගොවීන් උද්ඝෝෂණයක දේශීය අර්තාපල්වලට ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඉල්ලා අර්තාපල් ගොවීහු අද (17) ඇටම්පිටිය නගරයේ පේරාදෙණිය චෙන්කලඩි ප්‍රධාන මාර්ගය අවහිර කර අර්තාපල් මාර්ගයේ හළා උද්ඝෝෂණයක නිරත වූහ. 17 November 2017
පුරන් කුඹුරුයාය අස්වැද්දීම වප්මගුල් උළෙලින් ඇරඹෙයි වසර ගණනාවක් පුරන්ව පැවති ගම්පහ, බණ්ඩාරවත්ත පඹුරුගහදෙණිය කුඹුරුයාය අස්වැද්දීමේ වප්මගූල් උත්සවයක් අද (16) උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. 16 November 2017
වැලිඔය වතු යායේ වතු නිවාස පෙළක ගින්නක් හැටන් වැලිඔය වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (16) ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි. 16 November 2017
ගාල්ල - වක්වැල්ල පෞද්ගලික බස් වර්ජනයක් ලංගම බස් රථ කොන්දොස්තරවරයකු සහ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු අතර බස් ගමන්වාර සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් අද (16) ගාල්ල - වක්වැල්ල මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. 16 November 2017
බාලවයස්කාර දැරියට අඩත්තේට්ටම් කළ පුංචි අම්මාට සිරදඬුවම් රාගම බටුවත්ත ප්‍රදේශයේ දී එවකට අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දියණියට අඩත්තේට්ටම් කර හිංසා කිරිමේ චෝදනාවට වරදකාරිය වු එම දැරියගේ පුංචි අම්මාට (62) බරපතල වැඩ ඇතිව වසර 3 ක සිරදඬුවම් නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය. 15 November 2017
ග්‍රේට්වෙස්ටන් වත්තේ බඹර ප්‍රහාරයකින් 13 ක් රෝහලට ලිදුල පොලිස් වසමට අයත් ගේ‍්‍රට්වෙස්ටන් වතුයායේ ඩන්කන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට හා තලවාකැලේ වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (15) එල්ල වු බඹර ප්‍රහාරයකින් 13 දෙනෙක් තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 15 November 2017
ඌව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂවරයා නැවත පත් කරන්නැයි ඉල්ලති ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ ඒ.බී.එම්. විජේතුංග මහතා නැවත එම තනතුරේ පිහිටුවන ලෙසට බලකරමින් එම කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (15) බදුල්ල ඌව පළාත් සභාව ඉදිරියේදි නිහඩ විරොධතාවයක නිරත වූහ. 15 November 2017
2016 ගංවතුරින් බැට කෑ වැසියෝ වන්දි ඉල්ලති කඩුවෙල ප්‍රදේශයට ඉකුත් 2016 වර්ෂයේදී බලපෑ ගංවතුරින් විපතට පත් ජනතාවට මෙතෙක් නිසියාකාරව වන්දි ගෙවා නැතැයි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (15) කඩුවෙල වැලිවිට කුරුස කණුව මංසන්ධියේදී විරෝධතාවක් කළහ. 15 November 2017
විශේෂඥ වෛද්‍යවරයා නොමැතිවීමෙන් රෝගීන් අපහසුතාවට බදුල්ල මහ රෝහලේ ජන්‍ය මුත්‍ර විශේෂඥ වෛදවරයාගේ සේවය නිසි පරිදි නොලැබීම නිසා මුත්‍රාශය ආශ්රිත රෝග සදහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හා එම සැත්කම් වලට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ . 15 November 2017
යක්කල බස් - ත්‍රිරෝද රථ අනතුරක් කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල බෝගමුව ප්‍රදේශයේදී අද (15) බස් ත්‍රිරෝද රථ අනතුරකින් තුවාල ලැබු කාන්තාවක් සහ පිරිමි අයකු ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 15 November 2017
‘වලස්මුල්ල පාරකට බොරළු වෙනුවට පස් දාලා‘ හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මින්නේරිය වලස්මුල්ල ගම්මානයේ මාර්ගයක් ප්රතිසංස්කරණයේදි කොන්ත්‍රාත්කරු විසින් බොරඑ වෙනුවට පස් දමා ඇතැයි ගම්වාසීහු පවසති. 14 November 2017
පච්චිලෙයිපල්ලි වැසියෝ වීදි බසිති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ මාර්ග දැඩි සේ අබලන් වී ඇතැයි ද එම මාර්ග පිළිසකර කර දෙන්නැයි ද ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් පච්චිලෙයිපල්ලි ලේකම් කාර්යාලය ඉදිරිපිටට දී අද (14 ) විරෝධතාවක නිරත වූහ. 14 November 2017
දුම්රිය මගේ වැටී සිටි අයෙක් මරුට බණ්ඩාරවෙල කිනිගම දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගය අසල වැටි සිටි පුද්ගලයකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 14 November 2017
ආණමඩුවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වැඩ අතරමග ආණමඩුව නගර මධ්‍යයේ ඉදිවෙමින් පවතින ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වැඩකටයුතු අතරමග නතර වීම නිසා මේ වන විට එය කැළෑ වැදී විනාශයට පත් වන්නට පටන් ගෙන ඇත. 14 November 2017
යුද හමුදා ට්‍රක් රථයක් අනතුරට කන්කසන්තුරේ සිට දියතලාව දක්වා ධාවනය වු යුද හමුදා ට්‍රක් රථයක් නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පලාගොල්ල වැලමිට වංගුව ප්‍රදේශයේදි මීටර් පහළොවක් පමණ පහළට පෙරලිමෙන් අද (13) අනතුරට ලක් වී ඇත. 13 November 2017
මාතලේ ඇඟළුම් කම්හලක සේවකයෝ වැඩවරති මාතලේ - මඩවල ප්‍රදේශයේ පිහිටි නාලන්දා කර්මාන්ත පුරයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයෝ 700ක් පමණ අද(13) වැඩවර්ජනයක නිරතව සිටිති. 13 November 2017
පූගොඩ නිවසකින් රිවෝල්වරයක් හමුවෙයි පූගොඩ බංගලාවත්ත නිවසක අල්මාරියක් තුළ සඟවා තිබූ විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 12 November 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025