රංජිත් රාජපක්ෂ
හැටන් කොටගල නගරයේ වෙළෙඳහලක් පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එහි සඟවා තිබූ මාවා නමැති මත් ද්‍රව්‍ය කිලෝ 100යක් සමග එම වෙළෙඳහලේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.
හැටන් සුරාබදු කාර්යාලය හා තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු මෙම වැටලීම සිදු කළහ.
මත්ද්‍රව්‍ය සකස් කිරිමට ගන්නා රසකාරක හා දුම්කොළ තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
වතුකරයේ තරුණයින් හා පාසල් ළමු ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින බව සුරාබදු කාර්යාලය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd