‘වතුකම්කරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ‘ වතුකම්කරුවන්ගේ වැටුප් සහ නිවාස ප්‍රශ්නයට මෙතෙක් කිසිදු රජයකින් විසදුම් ලැබී නොමැති බව වතුකම්කරු මධ්‍යස්ථානය පවසයි. 29 November 2017
බසයෙන් මරුවා එයි පාදුක්ක - කොළඹ මාර්ගයේ මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේදී අද (29) යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව මීපේ පොලිසිය පවසයි. 29 November 2017
අ‘පුර නාගරික කොමසාරිස්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග අනුරාධපුර නාගරික කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට ලබන 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කළේය. 29 November 2017
ගෝඩුන්න නිවසකට පස් කන්දක් කඩා වෙයි වාසනාගම ගෝඩුන්න ප්‍රදේශයේ නිවසක් මතට අද (29) පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ බිත්ති කීපයක් හා වහල සම්පුර්ණයෙන්ම යටවී ඇති 29 November 2017
අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලති මීට සති 2 කට පෙර දී වවුනියාවේ දී සිදු වු සමූහ ස්ත්‍රි දූෂණයකට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් උතුරේ කාන්තා හිංසන කරන්නන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කාන්තා සංවිධාන කිහිපයක් අද (28) වව්නියාවේදී විරෝධතා පාගමනක් පැවැත්වීය. 28 November 2017
හකුරුවෙල වැසියෝ විරෝධතාවක ගොඩගම සිට මත්තල දක්වා ඉදිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට යට වෙන තම දේපලවලට ප්‍රමාණවත් වන්දියක් නොලැබෙන බව කියමින් හා ගම හරහා මහා පස්කදු ගොඩ ගසමින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය නිසා තම ගම්බිම් ගංවතුරට හසුවෙන බවට චෝදනා කරමින් වීරකැටිය හකුරුවෙල ප්‍රදේශවාසීහු පිරිසක් අද (28) විරෝධතාවක් කළහ. 28 November 2017
නාඋල පොළ යටවෙයි - බඩු මිලත් පහතට මාතලේ දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් නාඋල නගරයේ පැවැත්වෙන සති පොළ අද (28) ජලයෙන් යටවිය. 28 November 2017
පලාගල හොර බෙහෙත්හලක් වටලයි ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රය නොමැතිව නීති විරෝධී ලෙස පලාගල ආඩියාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ඖෂධහලක් වැටලූ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ශ්‍රිමාල් විතානාරචිචි මහතා පවසයි. 28 November 2017
ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින් විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බව අගවමින් හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලබාගැනීමට ඇති බව පවසා මුදල් සහ රන් භාණ්ඩ වංචා කිරීමේ ජාවාරමක් කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක බව කටුගස්තොට පොලීසිය කියයි. 28 November 2017
හබරාදූවේ තැන්පත්කරුවෝ මුදල් ඉල්ලති හබරාදූව සමුපකාර සමිතියේ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් අද (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 27 November 2017
හොරෙන් දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙක්ට දඩ බුත්තල ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන සහ දැව ප්‍රවාහන බලපත්‍ර තුනක් ව්‍යාජ ලෙස උපයෝගී කර ගනිමින් ලොරි රථ තුනකින් 21 ලක්ෂයක් වටිනා තේක්ක දැව කඳන් 307 ක් ප්‍රවාහනය කළ පුද්ගලයකු අධිකරණය හමුවේ අද (27) වරද පිළිගැනීමෙන් පසු දඩයක් 27 November 2017
හිගුරක්ගොඩ නව දන්ත ශෛල්‍යාගාරයේ උපකරණ තවම නෑ හිගුරක්ගොඩ රෝහලේ රුපියල් මිලියන 20ක් පමණ වැයකර ඉදිකළ නව දන්ත ශෛල්‍යාගාරයේ වැඩ නිමවා ඇති නමුත් උපකරණ සවිකර විවෘත නොකර සිටිම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන තමන් දැඩි අපහසුතාවයට පත්වන බව රෝගිහු කියති. 27 November 2017
අඩි නවයක් උස ගංජා ගස් දෙකක් මාවිල්මඩින් මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටල් භූමියක වත්තේ පාත්තියක වවා තිබූ අඩි නවයක් උස ගංජා ගස් දෙකක් කටුගස්තොට පොලිස් නිලධරයන් විසින් සොයා ගනු ලැබ තිබේ. 27 November 2017
පුත්තලම අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් තමන්ට හිමි ඉඩම වෙනත් අයකු අල්ලා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයෙන් තමාට සාධාරණයක් ඉල්ලා පුද්ගලයකු අද (27) පුත්තලම අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් අරඹා තිබේ. 27 November 2017
ඌවේ දේශගුණය වෙනස් වෙලා මහියංගනය, හසලක, කන්දකැටිය, මීගහකිවුල, පිටමාරුව හා ඒ අවට ප්‍රදේශ රැසකට මෙන්ම බෙලිහුල්ඔය ප්‍රදේශයටද දින තුනක කාලයක් තිස්සේ වැසි ඇද වැටීමට පටන් ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 November 2017
කල්එළිය කාන්තා අරාබි විදුහලේ සිසුවියෝ 26ක් ලෙඩ වෙති කල්එළිය කාන්තා අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු වමනය හිසරදය ඇතුලූ අජීර්ණය හේතුවෙන් මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. රෝගී වූ සිසුවියන්ගෙන් 16 දෙනෙකු වනවිටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම ප්‍රකාශකයා පැවැසීය. 26 November 2017
වැරදි කළ 23ක් හබරණදී අල්ලයි නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ද සැකකරුවෝ 23 දෙනෙකු අද (25) අලුයම හබරණ දී සිදු කළවිශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. 25 November 2017
පොලිසිය ගව ඝාතකාගාරයක් වටලයි පොලොන්නරුව, තඹාල, ගල්වල හංදිය ප්‍රදේශයේ නීති විරෝධීි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මස් පිණිස මරන ලද එළදෙනුන් දෙදෙනෙකු ඇතුලු එළ ගවයින් තිදෙනෙකු සහ සැකකරුවන් සිව් දෙනකු අද(25) අලුයම අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි. 25 November 2017
වතු කම්කරුවෝ පාර බසිති නෝර්වුඩ් ෂෝර්ටි වතුයායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන්නැයි ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක්අද (25) පෙරවරුවේ හැටන් - බගවන්තලාව මාර්ගයේ අයර්බි ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කළහ. 25 November 2017
වලපනේ ප්‍රා.සභා ලේකම් හා පරිසර නිලධරයා අත්අඩංගුවට වලපනේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ එම සභාවේ පරිසර නිලධරයා අල්ලස් සහ දුෂණ විමර්ෂණ ඒකකයේ නිලධරයන් විසින් අද (24) අත්අඩංගුවට ගනු ලැබිණි. 24 November 2017
රැකියා ඉල්ලා උපවාසයක් අරඹති රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අනුරාධපුර නගරයේ දී අද (23) මාරාන්තින උපවාසයක් ආරම්භ කළහ. 23 November 2017
විදුහල්පති ඉල්ලා දෙමාපියෝ වීදි බසිති මතුගම දාපිලිගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව දෙමාපියෝ පිරිසක් අද (23) අගලවත්ත බදුරලිය මාර්ගය එම පාසල ඉදිරිපිටින් හරස් කරමින් විරෝධතාවයක් කළහ. 23 November 2017
තිරිංග නැතුව ත්‍රීරෝද රිය වහලය මතට දෙනියාය යාපිටකන්ද ඉහළ මාර්ගයේදී අද (23) අලුයම ත්‍රීරෝද රථයක් තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවසක වහලය මතට වැටී ඇතැයි පොලිසිය කියයි. 23 November 2017
ගුරු සහයකයෝ විරෝධතාවක තමන් ගුරු නිත්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලමින් හැටන් කොටගල කේ්රමිබි්රජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණූව ලබන ගුරු සහයකයෝ කළුපටි පැළඳ අද (23) එම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 23 November 2017
පාසල රැක දෙන්නැයි ඉල්ලති හලාවත ශාන්ත මරියා පිරිමි මහ විදුහල රැක ගන්නා ලෙසට බලධාරින්ට බල කරමින් එම විද්‍යාලයේ ආදි සිසුහූ,දෙමාපියෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් අද (22) එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 22 November 2017
‘කොළඹ කසලවලින් තොරයි‘ කොළඹ නගරය කැළි කසලවලින් සම්පූර්ණයෙන්ම තොර නගරයක් බවට පත්කළේ යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 21 November 2017
රුහුණේ සම සෞඛ්‍ය සිසූහු විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයට අයත් සම සෞඛ්‍ය පීඨයේ සිසූහූ කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වූහ. 21 November 2017
කසිස්පු වැටලීමකදී තුවක්කුවක් හමුවෙයි වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වැටලීමේදී විදේශීය රටක නිෂ්පාදිත නොම්මර 12 ගිනි අවියක් හා ජීව උණ්ඩ 08 ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය කියයි. 21 November 2017
බදුල්ලේ වැසියන්ට විමසිලිමත් වන්නැයි ඉල්ලයි බදුල්ල දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ නායයාමේ අවදානම් කලාපවල සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා දැනුම් දෙයි. 21 November 2017
රැකියා ඉල්ලා වහලය මතට නගිති රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක් අද (21)අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි උතුරු මැද පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ වහලය මතට නැග උද්ඝෝෂණයක නිරත වුහ. 21 November 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025