බිසෝ බණ්ඩාරගම නිවාස 10 ජලයෙන් යටවේ මැදිරිගිරිය යාය 8 ඇල මාර්ගය පිටාර ගැලීම හේතුවෙන් 11 ව දින යාය 7, බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවාස 10 ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට විය. 12 November 2017
බස්-වෑන්-පාපැදි අනතුරින් අයෙක් මරුට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම දී සෙනසුරාදා (11) රාත්‍රීයේ බස් රථයක් , වැන් රථයක් සහ පා පැදියක් ගැටී පාපැදිකරු මියගොස් බස් රථයේ ගමන් ගත් 19 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 12 November 2017
යතුරු පැදි අනතුරකින් තුවාලකරු රෝහලට කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංග්ගක්කුලිය ප්‍රදේශයේදී අද 10 උදෑසන හතයි හතලිස් පහට පමණ මාර්ගයේ නවතා තිබූ බස්රථයක පිටුපසින් පැමිණි යතුරුපැදියක් හැපිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මීගමුව මූලික රෝහලට මාරුකර යවා ඇති බව දංකොටුව පොලීසිය කියයි. 11 November 2017
ජර්මන් ජාතිකයා තංගල්ලේදී මරුට තංගල්ල මැඩිල්ල මුහුදේ දිය නාමින් සිටි 53 හැවිරිදි ජර්මන් ජාතික සංචාරකයකු අද(10) සවස දියේ ගිලී මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. 10 November 2017
රාජාංගන ජලාශයෙන් ජලය කොන්දේසි සහිතව මෙවර මහ කන්නයේ නියමිත පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් ප්‍රමාද වී තිබූ රාජාංගනය ව්‍යාපාරයේ වගා කටයුතු ආරම්භ කිරීමට කොන්දේසි සහිතව රාජාංගනය ජලාශයෙන් අද (10) ජලය නිකුත් කළ බව එහි ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි. 10 November 2017
‘එන්සි‘ මත්කුඩු සමග අයෙක් දැලේ පකිස්තානයෙන් ආනයනය කරන ලද මෙරට තහනම් ‘එන්සි‘ නැමැති මත්කුඩු වතුකරයට බෙදාහැරිය බව කියන පුද්ගලයකු නොර්වුඩි වෙන්චර් වතුයායේ දී අද (10) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි. 10 November 2017
අධිවේගේ අනතුරකින් අයෙක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිස්වැනි කිලෝමීටරය ආසන්නයේ දී අද (10) ලොරි රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක වැදී පෙරලීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 10 November 2017
වැන් රිය ප්‍රපාතයට පෙරළී දෙන්නෙක් රෝහලේ බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ගිල්ම ප්‍රදේශයෙදී අද (09) වෑන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණයකු හා සිසුවියක තුවාල ලබා බළන්ගොඩ මූළික රෝහලට ඇතුළත් කර ඇත. 09 November 2017
ගාල්ල - බද්දේගම පාර අවහිර කරති මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීහු අද (09) ගාල්ල බද්දේගම මාර්ගය හරස්කර බාධා කරමින් විරෝධතාවයක නිරත වූහ. 09 November 2017
කොන්දේසි කඩා වැලි කැපුවැයි අයෙක් සැකපිට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මාදම්පේ - මුගුණුවටවනේ පවත්වා ගෙන ගිය වැලි කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා දුෂණ වැටලීමේ ඒකකය කියයි. 09 November 2017
‘උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්’ ‘ලංකාවේ වැඩිපුරම උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්. ඒක බොරු වුණොත් මම මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා’ 09 November 2017
රන් මාල කැඩුවැයි අයෙක් සැකපිට කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා පලායන යුද හමුදා සේවයෙන් පලා ගිය බව කියන පුද්ගලයකු (24) අද (08) අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 08 November 2017
රංවල කම්හලකට එරෙහිව ගම්මූන්ගේ විරෝධය දොම්පෙ රංවල ප්‍රදේශයේ සත්ව ආහාර නිපදවීමේ කර්මාන්ත ශාලාවකින් හමන දුගඳ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි කියමින් හා එය වසා දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (8) පරිසර අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් අධ්යක්ෂ කාර්යාලයට පැමිණ විරෝධතාවය පළ කළහ. 08 November 2017
ගෙවල් බින්ඳැයි අයෙක් සැකපිට උතුරු පළාතේ ප්‍රදේශ රැසක ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන විදුලි උපකරණ හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන පුද්ගලයකු අද (08) වවුනියාව වේප්පම්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 08 November 2017
හම්බන්තොටින් ඩෙංගු රෝගීන් 2850 ක් මේ වසරේ මේ දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 2850 ක් වාර්තා වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ එම්.එන්.එච් ක්‍රිෂාන්ත මහතා තිස්සමහාරාම මූලික රෝහලේ දී අද (08) පැවැති දැනුවත් කිරිමේ වැඩසටහනක දී කීය. 08 November 2017
කෘෂිකර්ම උපදේශකවරු විරෝධතාවක ඌව පලාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඌව පලාත් කෘෂිකර්ම උපදේශකවරු අද (8) ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ . 08 November 2017
මනාලියක් බලන්න යද්දී පිඟා ඔයට වැටී මරුට මාතලේ ගලේවෙල ප්‍රදේශයේ සිට මහනුවර මනමාලියක් බැලීම සඳහා ගිය පිරිසක් රැගත් කැබ් රියක් අකුරණ නගරයේදී පිඟා ඔයට පෙරළීම නිසා අයකු මිය ගොස් තවත් 6 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 08 November 2017
ගස් කැපුවැයි අම්පාර රෝහලෙන් පැමිණිල්ලක් අම්පාර මහ රෝහලේ පරිසරය අලංකාර කිරිම සඳහා සිටුවන ලද ගස් කිහිපයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් කපා දමා ඇතැයි අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා අම්පාර විදුලි ඉංජිනේරුවරයාට පැමිණිලි කර තිබේ. 07 November 2017
සබරගමුව විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” සිසු අයිතියට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ සරසවි සිසුන් හට නේවාසිකාගාර 84 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 60 වන නේවාසිකාගාරය ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ සරසවි මැදුර සිංහරාජ VI - නේවාසිකාගාරය නොවැම්බර් 8 වැනි දා පෙරවරු 9.40 ට යෙදෙන සුබ මොහොතින් සිසු අයිතියට පැවරීමට නියමිතය. 07 November 2017
ලෙමන්මෝරා කම්කරුවෝ උද්ඝෝෂණයක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මස්කෙළිය, ලෙමන්මෝරා පෞද්ගලික තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් එහි වතු පාලනාධිකාරියට එරෙහිව අද (06) එම තේ වත්තේදී උද්ඝෝෂණයක නිරත වූහ. 06 November 2017
විශ්‍රාමික හමුදා නිලධාරියකු අල්ලන්න සොයයි ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් ගෙන් රැපියල් ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන යුද හමුදාවේ විශ්‍රමික නිලධාරියෙකු අත් අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණයක් අරම්භ කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. 05 November 2017
පුත්තලමේ පානීය ජලය බෙදීම බවුසරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නියඟය හමාර කරමින් පුත්තලම දිස්ත්‍රීක්කයට කඩින් කඩ වැසි ලැබුණ ද භූගත ජලය ප්‍රමාණවත් නොවීම නිසා ජනතාවට පානීය ජලය බෙදාහරින බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 November 2017
බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරෙයි වැඩ නිමකර ජනතා අයිතියට පත්කළ බදුල්ල දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනිමට දෙමෝදර ප්‍රදේශයේ දී බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරී වාන් දමා ඇත. මීටර් 17 ක් උස වේල්ලකින් සමන්විත මෙම ජලාශයේ පරිමාව ඝන මීටර 132000 කි. 03 November 2017
ගිනිසීරියා ඉන්නක් සිරුර පසාරු කරගෙන යයි මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ ගසකට නැග අතු කපමින් සිටි පුද්ගලයකු ලිස්සා වැටි අසල තිබු ගිනිසිරියා පදුරක ඉන්නක් සිරුර පසාරු කර ගෙන යාමේන් අද (2) හලාවත මුලික රෝහලට ඇතුලත් කර තිබේ. 02 November 2017
පඹහින්න ජලයෝජනා ක්‍රමයට මුල්ගල තබයි වසර ගණනක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා මිලියන 1020 වියදමින් යුත් පඹහින්න ජලයෝජනා ක්‍රමය යටතේ පානීය ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීම අද (2) බෙලිහුල්ඔය පඹහින්නේදී සිදු කැරිණි. 02 November 2017
අනාරක්ෂිත ළිඳකට වැටී පස් හැවිරිදි දරුවා මරුට දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවකු නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී අද(2) මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 02 November 2017
වවුනියාවේ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වව්නියාව බස් නැවතුම්පොළේදී රහසිගතව අලෙවි කිරීමට ගෙනා ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අද (2) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කණ්ඩායමක් විසින් මෙම කේරල ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබීය. 02 November 2017
මඩකලපු දුම්රියේ ගැටී වන අලියෙක් මරුට කොළඹ සිට මඩු මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් වන අලියකු අද (2) වැලිකන්ද, කොළකණාවාඩිය ප්‍රදේශයේදී මිය ගිය බව වනජීවී නිලධාරීහු කියති. 02 November 2017
තඹුත්තේගම දී දුම්රියේ ගැටී අයෙක් මරුට තඹුත්තේගම තේක්ක කැලය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් බුලත්විට වෙළදාමේ නිරතවු පුද්ගලයකු අද (2) මිය ගිය බව තඹුත්තේගම පොලිසිය කියයි. 02 November 2017
සයිටම් විරෝධීහු බදුල්ලේ සත්‍යග්‍රහයක සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුහු, දෙමාව්පියෝ, වෘත්තීය සමිති නියෝජිතයෝ සහ වෛද්‍යවරු අද(2) උදෑසන සිට බදුල්ල නගරයේදි සත්‍යග්‍රහයක නිරත වී සිටිති. 02 November 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025