(ප්‍රසාද් රුක්මල්)
‘ලංකාවේ වැඩිපුරම උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්. ඒක බොරු වුණොත් මම මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා’ යැයි ඌව පළාත් ප්‍රදාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (9) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .
අපි උපාධිධාරීන්ට රැකියා දෙන්නේ ,දුන්නේ දේශපාලන වාසි ගන්න බලාගෙන නොවෙයි. උපාධිධාරීන්ට රැකියා දීලා මගේ දේශපාලන කටයුතු ටික කරගන්න, පෝස්ටර් ගහගන්න, උද්ඝෝෂණ කරන්න බලාගෙන මම උපාධිධාරීන්ට රැකියා දීලා නෑ. එහෙම පරමාර්ථයෙන් රැකියා දෙන්නෙත් නැහැ. ඒ වාසිය මම ගන්නේ නෑ. මගේ දේශපාලන කටයුතු කරන්න මට වෙනමම පිරිසක් ඉන්නවා. ගතවූ වසර දෙක තුළදී පමණක් මම උපාධිධාරී පත්වීම් 2800ක් දීලා තිබෙනවා යැයි ද ප්‍රදාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන්’