(නිශාන්ත කුමාර )
වැඩ නිමකර ජනතා අයිතියට පත්කළ බදුල්ල දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනිමට දෙමෝදර ප්‍රදේශයේ දී බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරී වාන් දමා ඇත. මීටර් 17 ක් උස වේල්ලකින් සමන්විත මෙම ජලාශයේ පරිමාව ඝන මීටර 132000 කි.
බදුල්ල, හාලි ඇල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි ග්‍රාම සේවා වසම් 42 ක පවුල් ලක්ෂයකට ආසන්න පිරිසකගේ පානීය ජල ගැටලුව විසදීමට රුපියල් මිලියන 11880 ක වියදමින් ඉදිකළ මෙම ජලාශය මගින් ජලය ඝන මීටර් 15000 ක් පිරිපහදු කරනු ලැබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම හොඳ ව්‍යාපෘතියක් වුවද මෙහි භයානක පැතිකඩක් ද තිබේ. බදුලු ඔය හරහා ඉහල පදිංචිකරුවන් විසින් මුදාලන මළ අපද්‍රව්‍ය මෙන්ම වගා සදහා බහුලව යොදන කෘමි නාශක ද්‍රව්‍යද බහුලව වැස්සට සේදී පැමිණේ. ජල පිරිපහදුවේදී මළ අපද්‍රව්‍ය ඉවත් වුවද බැර ලෝහ ද්‍රව්‍යද අඩංගු රසායනික ද්‍රව්‍ය විදිමත් ලෙස ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එහෙයින් ජල පරිභෝජකයින් වකුගඩු රෝගය වැනි විවිධ රෝගාබාධ වලට මුහුණ දීමේ අවදානමක් ඇත. කෙසේ නමුදු කිසිදු පිරිපහදු කිරීමකින් තොරව දහස් ගණනක් ජනයා බදුලු ඔයේ ජලය දිනපතා නෑම් ආදී කටයුතු වලට භාවිතා කරයි. ඊට වඩා පිරිපහදු කල ජලය පරිභෝජනය වඩාත් ආරක්ෂාකාරී බව කිව යුතුය .