(සිතුම් චතුරංග)
උතුරු පළාතේ ප‍්‍රදේශ රැසක ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන විදුලි උපකරණ හා රන් භාණ්ඩ කොල්ලකෑ බව කියන පුද්ගලයකු අද (08) වවුනියාව වේප්පම්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
මේ ගැන වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් හා නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් කොළඹ මහධිකරණයේ සහ උතුරේ අධිකරණ කිහිපයක වරෙන්තු ලැබූ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව මෙම සොරකම් කර ඇතැයි ද කියැවේ. එක් නිවසකින් කොල්ලකන ලද විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
කොල්ලකෑම් සඳහා සහය දැක්වූ අනෙක් පුද්ගලයා අත්අඩංගුවටගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගෙවල් බින්ඳැයි අයෙක් සැකපිට