IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලෙමන්මෝරා කම්කරුවෝ උද්ඝෝෂණයක

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මස්කෙළිය, ලෙමන්මෝරා පෞද්ගලික තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක්  එහි වතු පාලනාධිකාරියට එරෙහිව අද (06) එම තේ වත්තේදී උද්ඝෝෂණයක නිරත වූහ.

අද දින දෛනික සේවයට වාර්තා නොකර මෙම උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුපාලනාධිකාරිය මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් ලබා නොදෙන බවයි.

සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට වසර 20 ක පමණ කාලයක් තිස්සේ මුදල් බැර කර නොමැති බවත් මිය ගිය හා විශ්‍රාම ලැබූ බොහෝ සේවකයින් සඳහා ලැබියයුතු දීමනා කිසිවක් මේ දක්වා ලබා නොදී ඇති බවත් ඔවුහු කීහ.

අක්කර 188 කින් සමන්විත තේ වතුයාය නිසි නඩත්තුවක් නොකීරීම නිසා මේ වන විට කැළෑ වැදී ඇති බව පවසන එම කම්කරුවෝ සේවා කාලයේදී සර්පයන් දෂ්ඨ කිරීම නිසා දැඩි ජීවිත අවදානමක් පවතින බවත් කියා සිටිති.

නිවාස, සෞඛ්‍ය,ප්‍රවාහන, මාර්ග වැනි මූලික පහසුකම් පවා තමන්ට වසර 20 කට ආසන්න කාලයක් නිසි ලෙස ලබාදීමට වතුපාලනාධිකාරිය අපොහොසත්වී ඇති බවත් ඡන්දයක් ආසන්නයේ ඡන්ද ලබා ගැනීම සඳහා පැමිණෙන දේශපාලනඥයින්ද තමන් බලාපොරොත්තු අස්සේ අතරමංකර අවස්ථාවාදී අයුරින් ක්‍රියාකරන බවත් ඔවුහු පවසති.

දැඩි දුෂ්කර ජීවිතයක් ගෙවන තමන්ගේ ඉල්ලීම් ඉටුකරදෙන ලෙස මෙම ජනතාව ලෙමන්මෝරා තේවතුයායේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

ලෙමන්මෝරා කම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site