(ප්‍රේමතිලක පෙරමුණ)
මතුගම දාපිලිගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව දෙමාපියෝ පිරිසක් අද (23) අගලවත්ත බදුරලිය මාර්ගය එම පාසල ඉදිරිපිටින් හරස් කරමින් විරෝධතාවයක් කළහ.
පාසල දියුණු කළ විදුහල්පතිවරයා නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ඔවුහු පැවසූහ.
මේ පිළිබඳ මතුගම කලාප අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම විදුහල්පතිවරයා ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බවත් එය අනුමත වී ඇති බවත් ය.
එම පාසලේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විමර්ශනයක් සිදුකරන බවද ඒ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අනේ ඒ.. දෙමව්පියො ඉල්ලනවලු, ඉස්කෝලේ දියුණු කරාලු, අක්‍රමිකතාත් වුණාලු...