IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රැකියා ඉල්ලා උපවාසයක් අරඹති

(දයාරත්න ඇඹෝගම)

රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරු මැද රැකියා විරහිත උපාධිධාරිහූ පිරිසක්  අනුරාධපුර නගරයේ දී අද (23) මාරාන්තින උපවාසයක් ආරම්භ කළහ.

පසුගිය දින කිහිපයේම තමන් රැකියා ඉල්ලා අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ කළ බවත් තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන්  පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතාද හමු වී සාකච්ජා කළද නිසි පිළිතුරක් නොලැබුන බවත් උපවාසයේ නිරත උපාධිධාරිහු පවසති.



අදහස් (7)

රැකියා ඉල්ලා උපවාසයක් අරඹති

kamal Thursday, 23 November 2017 07:12 AM

උපාධියක් තිබිලත් රස්සාවක් කරන්න බැරි ගෙබිලයන්ගෙන් රටට වැඩක් තියෙනවද ? මුලින්ම පිනට උපාධිය, ඊළඟට පිනට රස්සාවක්, තව ... මොනවාද පිනට ඕන ? ලැජ්ජයි මෙහෙම උදත්තු ගැන.............

:       0       12

asiri Thursday, 23 November 2017 08:18 AM

මෙයාලා ආණ්ඩුවෙන්ම රැකියා ඉල්ලන්නේ මොකටද?

:       0       16

amal Thursday, 23 November 2017 12:04 PM

මේකේ වැරැද්ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ. ඔවුන් විෂය නිර්දේශ වෙනස් කරන්නේ නැත, රටේ අවශ්‍යතාව අනුව. ඔවුන් ඉන්නේ මහා ලොකුකමෙන්. ඔහේ උගන්නන්වාලේ උගන්නල සහතිකයක් දීල එලියට දානවා. මේ දරුවන්ට දැනුමක් නෑ පුද්ගලික අංශයේ ජොබ් එකක් කරන්න.

:       0       11

Bamunuarachchi.Sunday, 26 November 2017 05:51 AM

ඔය කතාව වැරදී ළමයි තෝරා ගන්නේ ලෙහෙසියෙන් විශ්ව විද්‍යාලයට රිංගන්න පුළුවන් විෂයන්, වණිජ විෂයන් වගේ ඒවා. පාස්වෙලා එලියට ඇවිත් රැකියාවකට ඉල්ලුම් පත්‍ර දැමුවාම තමයි පෙනෙන්නේ කොපමණ දහස් ගණනක් ඉල්ලුම් පත්‍ර දාලාද කියලා. බොහෝ ළමයි ගණිතය සම්බන්ද වන විෂයන් හදාරන්න අකමැතිය "මේකේ වැරැද්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ. ඔවුන් විෂය නිර්දේශ වෙනස් කරන්නේ නැත" වැරැද්ද තිබෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නොවෙයි. මෑතකදී දැක්කද අමාත්‍යවරයෙක් කියනවා සාමාන්‍ය පෙළ නැතිව උසස්පෙළ කරන්න ඉඩ දෙනවා. අංක ගණිතය නැතිව සාමාන්‍ය පෙළ සමත් වීම බාර ගන්න වා කියලා. ඉහින් මෙලමයි වල පල්ලට තල්ලු කොරන්නේ කාලකන්නි දේශපාලුවෝ නොවෙයිද. බෙල්ලන්විල හාමුදුරුවෝ කියනවා නොමිලේ දෙන කාර්මික පුහුණුව ගන්න ළමයි එන්නේ නැහැ ත්‍රී වීලර් එලවනවා කියලා. බලනකොට දැනට අවුරුදු 60 පෙර සිටිය දෙමව්පියන් දැන් ඉන්න දෙමව්පියන්ට වැඩිය දරුවන්ගේ ඉගනීම ගැන සොයා බැලුවාය.

:       0       0

sachith Thursday, 23 November 2017 12:14 PM

මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මෙයාල ආණ්ඩුවේම රැකියා ඉල්ලන්නේ? අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ඊට පස්සේ අවම අවුරුදු 3ක උපාධියකට ආණ්ඩුවෙන්ම වියදම් කරලා තියෙනකොට තවත් ආණ්ඩුවෙන්ම ඉල්ලන්නේ ඇයි? මෙයාලගේ ප්‍රධානම තර්කය පුද්ගලික අංශයේ රැකියාවලට මෙයාල ගන්නේ නැ, ගෙවන පඩිය මදි කියන දෙක. මේ රට කවදාවත් දියුණු කරන්න බැරි මේ වගේ නිකන් කාල ඔක්කොම කරගන්න බලන ඉන්න අය නිසා තම.

:       0       14

BamunuarachchiSunday, 26 November 2017 05:34 AM

" මටත් තියෙන ප්‍රශ්නේ ඇයි මෙයාල ආණ්ඩුවේම රැකියා ඉල්ලන්නේ?"මේගොල්ලන්ට උපාධි තිබෙන බව ඇත්ත නමුත් එම උපාධි කිසිම රැකියාවකට සුදුසුකමක් වන ඒවා නොවෙයි. එම නිසා පෞද්ගලික අංශයේ රැකියාවලට මෙයාල ගන්නේ නැහැ. රජෙ රැකියාවකට රිංගා ගත්තොත් ඔහේ ෂේප් එකේ ඉන්න පුළුවනි නිසා. රජයේ රැකියාවන් හොයනවා. මම දන්නා පුද්ගලික ආයතනකට මාසික පඩිය රුපියල් 65000 ට කෙනෙකුව රැකියාවට ගත්තා දින කීපයක් ගිය පසු මෙයා රාජකාරී වෙලාවේ මුහුණු පොතේ රැඳී සිටිනවා ලොක්ක දැක්කා පසුදිනම රැකියාවෙන් අස් කළා. ඔන්න ඔහොමයි පුද්ගලික අංශයේ වැඩ. පෞද්ගලික ස්ථානයක කෙනෙක්ට රුපියල් 65000 වැටුපක් ගෙවනවානම් ඔහුගෙන් රුපියල් 100000 වත් වැඩ කෙරෙන්න ඕනේ ඒක තමයි මේ අයගෙන් ආයතනයට ලැබෙන ලාභය. රජය ඔය කිසිවක් බලන්නේ නැත.... වැඩ කලත් එකයි නොකලත එකයි. මුන්ගේ ඡන්දය ඕනේ උන වෙලාවට 10000 පඩි වැඩිවීම ක් දීල ඡන්දය ලබා ගන්න වා. මෙහෙව් රටකට හරියාවිද? අපොයි රජයේ සේවය.

:       0       0

Bimal Saturday, 25 November 2017 05:16 AM

පුද්ගලික අංශයේ හිතු මනාපෙට අයිස් ගහන්න, නිවාඩු ගන්න, වේලාසනින් යන්න පරක්කු වෙලා වැඩට එන්න බැහැනේ. ඔක්කොම පිනට දෙනකොට මේ රටේ රස්සාවට විතරක් නෙවෙයි පරස්තාවටත් වියදම් කරන්න ඕන රටේ මිනිස්සු. මේගොල්ලන්ට සරසවියේදී ලේසියෙන්ම සහකරු සහකාරියෝ සොයා ගන්න පුළුවන්. හැබැයි එතනින් එලියට ඇවිත් රස්සාවක් සොයාගන්න බැරි අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site